master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ආරක්ෂක රාජ්‍ය ඇමැති හා හමුදාපති මහනුවරට යයි


2018-03-08 14:25:49 -  495 යි

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන සහ යුධ හමුදාපති ලූතිතන් ජනරාල් මහේෂ් සේනානායක මේවනවිට මහනුවර ප‍්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක යෙදී සිටිනවා. 

යුධ හමුදාපතිවරයා ඉකුත් දිනවල ඉන්දියාවේ සංචාරයක යෙදී සිටි අතර එහි කාලය කෙටි කර ඔහු නැවත මව්බිමට පැමිණියේ ඊයේ (7) රාති‍්‍රයේයි. අනතුරුව අද (8) උදෑසන යුධ හමුදාපතිවරයා මහනුවරට ගොස් තිබෙනවා. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහනුවර රැඳී සිටින්නේ ඊයේ දිනයේ සිටයි. 

අද පෙරවරුවේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා හා යුධ හමුදාපතිවරයා, මහනුවර ආරක්ෂක ප‍්‍රධානීන් හමුවී සාකච්ජා කර තිබෙනවා. 

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා හා යුධ හමුදාපතිවරයා මල්වතු මහ නා හිමියන්ද බැහැදුටු බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පවසන්නේ. 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com