master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මුස්ලිම් පල්ලි 5 කට හමුදා ආරක්ෂාව


2018-03-08 12:51:59 -  744 යි

කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ මුස්ලිම් නායකයින් විසින් කරණ ලද ඉල්ලීමකට අනුව අද (8) දහවල් සිට කිළිනොච්චියේ පිහිටි මුස්ලිම් පල්ලි පහකට යුද හමුදාව විසින් ආරක්ෂාව සපයා දී තිබෙනවා.

කිසිදු ගැටළුවක් උද්ගත වී නැතත් කිළිනොච්චියේ සාමාන්‍ය මුස්ලිම් ජනතාව තුල විශාල බියක් හටගෙන ඇති නිසා තමන් මුස්ලිම් දේවස්ථාන වලට ආරක්ෂාව සපයා දෙන මෙන් යුද හමුදාවෙන් ඉල්ලීමක් කල බව කිළිනොච්චිය කරඩිපෝක්කු හන්දියේ ආබ්දීන් ජුම්මා පල්ලියේ මවුලවි මොහොමඩ් සුවායිස් අස්කර් පවසනවා.

කිළිනොච්චියේ මුස්ලිම් ජනතාවට කිළිනොච්චියේ දෙමළ හෝ වෙනත් ජන කොට්ඨාශයකින් කරදරයක් නොවන බව කිළිනොච්චියේ මුස්ලිම් නායකයින්ට විශ්වාස බව කී අස්කර් මවුලවිවරයා යම් හෙයකින් පිටස්තර පිරිසක් පැමිණ මුස්ලිම් පල්ලි වලට හානි සිදු කොට ජනතාව කුලප්පු කිරීමට හැකියාවක් ඇති බැවින් මෙම තීරණය ගත් බවද කියා සිටියා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com