master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සංශෝදනය සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මන්ත්‍රී ආචාර ධර්ම පද්ධතිය අද පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.


2018-03-07 17:24:44 -  388 යි

ප්‍රවෘත්ති නිවේදනයයි

වසර 24 කට පසුව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සංශෝදනය සහ  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මන්ත්‍රී ආචාර ධර්ම පද්ධතිය අද (2018-03-07) පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

මෙය මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ සුවිශේෂී වැදගත්කමින් යුත් අවස්ථාවක් ලෙස සනිටුහන් වනු ඇති බව කථානායකවරයා සඳහන් කළේය.

යල් පැන යමින් තිබූ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වසර 24 කට පසුව සංශෝධනය කිරීම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය බලගැන්වීමක් බවත්,  එමෙන්ම දිගුකලක් පුරා කතාබහට ලක් වූ මන්ත්‍රී ආචාරධර්ම පද්ධතිය පාර්ලිමේන්තුව තුලින්ම යථාර්ථයක් බවට පත් කිරීමට හැකිවීම අනාගතයේ යහපත් දේශපාලන  සංස්කෘතියක් බිහි කිරීමට මඟ පාදනු ඇති බවත් මෙම සුවිශේෂී ප්‍රතිසංස්කරණය සදහා දායක වූ සැම ගෞරවනීය කාර්යභාරයක කොටස්කරුවන් ලෙස පාර්ලිමේන්තු ඉතිහාසයට එක් වනු ඇති බවත් කථානායකවරයා සදහන් කළේය. 

 

කථානායක මාධ්‍ය ඒකකය

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com