master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

දැරියන් 05 දෙනෙකුට වරින් වර ලිංගික අතවර කළ කාමාතුරයා


2018-03-05 11:26:11 -  1006 යි

හබරාදූව ප‍්‍රදේශයේ ළමා නිවාසයක සිටි බාලවයස්කාර දැරියන් පස්දෙනෙකුට වරින් වර ලිංගික අතවර කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, හබරාදූව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින්. දෙදරු පියෙකු වන සැකකරු වසර 11ක් තිස්සේ ළමා නිවාසයේ සේවය කර ඇති බව පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා. සැකකරු අතින් වයස අවුරුදු 11ක දැරියන් දෙදෙනෙකු, 13 හැවිරිදි දැරියක් සහ පහලොස් හැවිරිදි දැරියන් දෙදෙනෙකු අතවරයට ලක්ව ඇති බවයි මූළික පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.

දරුවන්ගෙන් ලද තොරතුරු මත පසුව ඒ පිළිබඳ ළමා නිවාසයේ භාරකාර පාලිකාව පොලීසියට පැමිණිලි කර තිබුණා. ඒ අනුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com