master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

රාජාංගණේ ගොවියන්ට එළව එළවා ගැහුවෙ ඇයි?


2018-03-04 13:06:50 -  639 යි

ගිරිබාව හා රාජාංගණය ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාස දෙක යාකරමින් ඉදිකළ රාජාංගණය ජලාශයෙන් පරිසරයට ගෙන එන්නේ අතිසුන්දර දසුනකි. අක්කර අඩි 81000ක ජල ධාරිතාවක් රැදවිය හැකි මෙම ජලාශයෙන් පෝෂිත වන කුඹුරු ප‍්‍රමාණය අක්කර 24000කි. ඒ කුඹුරු අක්කර 20000ක් හා උස්සාන වගා ක‍්‍රමයට ඇති අක්කර 4000ක එකතුවෙනි. එමෙන්ම වාන් දොරටු 30කින් සමන්විත මෙම ජලාශයේ වාන් දමන කාලයට දිවයිනේ සතර දිග්භාගයෙන් මෙහි පැමිණෙන්නේ එම සුන්දර දසුන නැරඹීම සඳහාය.

1964 වර්ෂයේදී එවකට මෙරට පාලනය කළ ලොව ප‍්‍රථම අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජයේ විද්වතුන් මෙම ස්ථානයම වැව ස්ථාපිත කිරීමට තෝරාගෙන ඇත්තේ ජලාශය ඉදිකිරීමට තරම් භූගෝලිය පරිසරයක් නිර්මාණය විමත් කලාවැවෙන් පිටාර ගලන ජලය රැු`දවිය හැකි හොදම ස්ථානයවීම නිසාත්ය. එමෙන්ම මෙම ජලාශයෙන් පිටවන ජලය කලාඔය දිගේ ගලා ගොස් කරුවල ගස්වැව ප‍්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ නීලබැම්ම ගොවි ජනපදයද පෝෂණය කරයි.

එකල ගණ කැලෑවකට හිමිකම් කියූ රාජාංගණය අලිකොටි වලසුන් හා විෂඝෝර සර්පයන්ගෙන් ගහන පරිසරයකට හිමිකම් කියූ අතර දිවයිනේ සතර දිග්භාගයෙන් ජනයා ගෙනවිත් පදිංචි කිරීමෙන් ගොවි ජනපදයක් විය. ගොවිජනපදය ආරම්භ කළ සමයේදී  පවුල් 12000ක් පදිංචි කර ඇති අතර වර්තමානය වන විට එය පවුල් 35000ක් දක්වා වර්ධනය වී ඇත.

අප රට සහලින් හා වෙනත් බෝගවලින් ස්වයංපෝෂිත කිරීමට රාජාංගණය වැව් කොමලිය ලබා දෙන්නේ සුවිශාල කාර්යභාරයකි.

වසරකට යල මහා කන්නය වගාකිරීමට හැකි ජනපදයක් වූ මෙම ගොවි ජනපදයෙන් පමණක් වසරක වී කිලෝ කෝටි 4ක් එක්වේ. එය අප වැනි රටකට විශාල වටිනාකමක් එක්කරයි. දිවයිනට පසුගිය කාලයේ අධික නිය`ගයක් පැවැති අතර අනෙක් සියලූම වැව්වල ජලය සිඳී ගියද මෙම ජලාශයේ ජලය අඩුවුවත් ගොවීන්ගේ වගාවන්ට හානියක් සිදුනොවීය.

වී වගාවට අමතරව කෙසෙල්,  අඹ,  දොඩම්,  අන්නාසි,  පැපොල්, කොස්, දෙල්, යනාදි බෝගවලින් ගොවියාගේ අතමිට සරුකරන්නේ මෙම ජලාශයේ පිහිටෙනි.

මෙම වැව යටතේ ඇති ගොවි ගම්මාන ගණන 100කි. ගොවි සංවිධන 64ක් ස්ථාපිත කර ඇත. ඒවායේ එකතුවෙන් ඒකාබද්ධ ගොවි සංවිධානයක් පිහිටුවා තිබේ.

කාලයක් සාර්ථකව කිසිදු ගැටලූවක් නොමැතිව සාර්ථකව ගෙන ගිය ගොවි ජනපදයට කණකොකා හ`ඩලන්නට පටන්ගෙන දැනට වර්ෂ 10ක් පමණ ගතවේ. පළාතේ දේශපාලකයින්ගේ නොම`ද සහායෙන් වැව්තාවුල්ලේ අනවසර වගාවන් හා අනවසර ඉදිකිරීම් සිදුකිරීමට  කිසියම් පිරිසක් එක්විය. මෙය වැළැක්වීමට ගොවි සංවිධාන නියෝජිතයින් මී මැසි රැුලක් මෙන් එක්වී බලධාරීන්ට තම දුක කීවද පලක් නොවීය. එය හරියට රාජාංගණය ජලාශයට කැපූ ඉනිමෙන්ම විය. දහඩිය වගුරා රට ස්වයංපෝශිය කළ ගොවියාගේ හ`ඩට වඩා අතමිට සරු ජාවාරම්කරුවාගේ හ`ඩ ශක්තිමත් වීමය.

එලෙස කාලය ගතවෙද්දි 2011 වර්ෂයේදි රාජාංගණය ජලාශයට බට යොදා දිනකට අක්කර අඩි 25ක් ලබා ගනිමින්  එප්පාවල, තලාව, ගිරිබාව, නොච්චියාගම, තඹුත්තේගම යනාදී ප‍්‍රදේශවලට ජලය ලබාදීමට තඹුත්තේගම ජලසම්පාදන මණ්ඩල ප‍්‍රාදේශීය කාර්යාලය අසල ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ඉදිකිරීමට චීන සමාගමක් සමග ගිවිසුම් ගතවී තිබේ.  එය ක‍්‍රියාවට නැංවූයේ නවරජය යටතේය.

ඉදිකිරීම් කටයුතු ආරම්භවීමත් සමග ගොවි සංවිධාන නායකයෝ කඩිගුලක් සේ ඇවිස්සුණහ.
එතැන් සිට අපට කථාව කියන්නේ රාජාංගණය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති හා ශ‍්‍රීලංකා ගොවි සංවිධාන එකමුතුවේ කැ`දවුම්කරු නිහාල් වන්නිනායක මහතාය.

අපි බලාගෙන හිටියා. දවසින් දවස අපේ ජීවනාලිය වූ වැවට කරන අපරාධය, ඒක මේ මහපොළොවට උහුලන්න බැහැ. වැවේ ජාවාරම්කාරයෝ පිරිලා. වැව්තාවුල්ල අල්ලා ගන්නවා. වැලි ගොඩ දානවා. අනවසර ඉදිකිරිම් කරනවා. අපි බලධාරීන්ට කීවා. අපේ කතා  මායිමකට ගණන් ගන්නේ නැහැ. මෙහෙම යනකොට තමයි වැවට බට දාලා ජල ව්‍යපෘතියක් හදන්න පටන් ගත්තේ රටේම වැව්වල වතුර නැහැ. ඒත් අපේ වැවේ යම් තරමකට ජලය තියෙනවා. අපි යල මහ වගා කළා. මෙහෙම බට දාලා වතුර ගත්තොක් වගා කරන්නම හදපු වැවෙන් වැඩක් තියෙනවද? ඒවගේම අපේ ගොවියන්ට යන කලදසාව මොකක්ද? බලන්න ගුවනින් ගත්ත ඡුායාරූපවලින් අපේ ගොවි ජනපදය නීල හරිත වර්ණයෙන් යුක්තයි. මෙහෙම ගියොත් මේක කාන්තාරයක් වෙනවා. ඇයි මේවා බලධාරින්ට   නොතේරෙන්නේ? මම කියන්නේ මේ රජය බහුජාතික සමාගම් එක්ක එකතුවෙලා අපේ රට විනාශ කිරීම ආරම්භ කරලා තියෙන්නේ.

මම පැහැදිලිවම කියනවා සමහරුන්ගේ අන්තනෝමතික ක‍්‍රියා හේතුවෙන් ඉදිරියේදි වී ගොවිතැන නතර වීම, උස්සාන වගාව සඳහා  දැනට ලබාදෙන ජලය ලබාගැනීමට නොහැකිවීම, නිය`ගයකට පවා විනාශ නොවූ පොල් වගාව විනාශවීම, යල මහ කන්නය වගා කළ කුඹුරු මුඩු ඉඩම් භවට පත්වීම, ගොවිජනයාගේ ආර්ථිකය මෙන්ම ව්‍යාපාරික ප‍්‍රජාවගේ දෛනික ආර්ථිකය කඩාවැටීම, කිසිසේත්ම වළක්වන්න බැහැ කියලා.

ගොවි සංවිධාන 64ක සාමාජිකයින් තඹුත්තේගම නගරයේදී ගොවින් 10000ක  පමණ සහභාගිත්වයෙන්  උද්ඝෝෂණයක් පැවැත්වූයේ තම බලය බලධාරීන්ට පෙන්වා තම දුක රටට කියන්නටය. නමුත් සිදුවුයේ බලාපොරොත්තුවූ රහිත ප‍්‍රතිඵලයකි. පොලිසිය හා උද්ඝෝෂකයින් අතර ගැටුමක් ඇතිවී එම ගැටුමින්  පොලිස් නිලධාරින් තිදෙනකු ඇතුළු  5ක් තුවාල ලැබූහ.  එමෙන්ම කලහකාරි ලෙස හැසිරීමේ චෝදනාව මත ගොවි නායකයෝ  60ක් තඹුත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.  ඒ අතර ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති නිහාල් වන්නිනායක මහතාද විය.  අත්අඩංගුවට ගත් සියල්ල 28දා රාත‍්‍රියේදීම බස්රථයකින් තඹුත්තේගම මහෙස්ත‍්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු  51 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය. මේ අතර කාන්තාවන් දෙදෙනෙක්ද සිටිති. ඉදිරිපත් කළ සැකකරුවන් අතරින්  නව දෙනකු රුපියල් 100000 බැගින් ශරීර ඇප මත මුදාහැරීමද මහෙස්ත‍්‍රාත්වරිය නියෝග කළාය. ඒ පොලිසිය ඉදිරිපත් කළ කරුණු පදනම් කරගෙනය. මෙහිදී එකක් කිව යුතුය.  තඹුත්තේගම පොලිස් ස්ථානාධිපති ප‍්‍ර පො ප සමන්ප‍්‍රියන්ත මහතා උද්ඝෝෂකයින් සමග සාකච්ඡුා කොට මහජන සාමයට හානියක් නොවන අයුරින් කටයුතු කිරීමට විශාල උත්සාහයක් දැරීය. ඔහු අවංකවම රාජකාරියට කැපවූ අයෙක් වන අතර ප‍්‍රදේශයේ ජනතාව අතර නමක් දිනා සිටින්නෙකි.

කෙසේ වෙතත් මේ වන විට තාවකාලිකව අනුරාධපුර දිස්ත‍්‍රික් ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් තාවකාලිකව ජල ව්‍යෘපෘතිය නතර කර ඇත.

කාගේ වරදින් හෝ අසරණ වන්නේ අහිංසකයන්ය. දේශපාලකයින් ජනතා හ`ඩට කලින්ම සවන් දුන්නේ නම් මෙවන් විපතක් සිදු නොවන බව නම් කිව යුතුමය.

තලාව ඩි.කේ. කීර්තිසිංහ



  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com