master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

යට කලිසම ගලවා බ්‍රිෆ් කේස් එකට දමා කාන්තා ‍පොලිස් නිලධාරිනියන් ලවා එළියට ගන්නා පොලිස් ලොක්කා


2018-02-28 08:24:58 -  4453 යි

කාන්තා ‍පොලිස් නිලධාරිනියකට ලිංගික අතවරයක් කර ඇය ඇතුළු තවත් නිලධාරින්ට බැණ තර්ජනය කිරීම ඇතුළු චෝදනා රැසක් එල්ල වී ඇති ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පතිවරයකුට එරෙහිව ‍පොලිස් කොමිසමේ නියෝගයකින් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කර ඇත.

මෙම ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පතිවරයාට එරෙහිව ලිංගික අතවර චෝදනාව එල්ල කර ඇත්තේ එම කාර්යාලයේ සේවයේ නියුතුව සිටි ලඝු ‍ලේඛිකාවක් වූ කාන්තා ‍පොලිස් කොස්තාපල්වරියකි.

මෙකී ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා ඔහුගේ නිල නිවාසයේ සුනඛයින් ඇති කරමින් එම සතුන්ගේ උපන් දින සාද පවත්වමින් ඇතැම් අවස්ථාවල එම සතුන්ගේ මැක්කන් ඉවත් කිරීමට පැමිණිලිකාර ‍පොලිස් නිලධාරිනියට මෙන්ම සෙසු නිලධාරීන්ටද නියෝග කරන බවද සඳහන් විය.

චෝදනාවට ලක්ව ඇති මෙම නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා කාර්යාල වේලාවන් තුළ කොට කලිසමකින් සහ ඇතැම් අවස්ථාවල සරමකින් සැරසී සේවයේ යෙදෙන බවද සඳහන්ය. ඔහුගේ යට කලිසම ගලවා බ්‍රිෆ් කේස් එක තුළට දමා කාන්තා ‍පොලිස් නිලධාරිනියට එහි තුළ ඇති ෆයිල් එළියට ගන්නා ලෙස පවසන බවද පැමිණිල්‍ලේ සඳහන්ව ඇති බව ‍පොලිස් ආරංචිමාර්ග අනාවරණය කළේය.

තමන් යටතේ පවතින ජීප් රථවල මෙන්ම නිල මෝටර් රථයට ඉන්ධන ලබා ගැනීම සඳහා ව්‍යාජ බිල්පත් ඉදිරිපත් කර මුදල් ලබා ගැනීමේ චෝදනාවක්ද මෙම ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පතිවරයාට එල්ල වී තිබේ. ‍පොලිස් මූලස්ථානයේ ‍පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි මෙවන් සිල්වා මහතාගේ අධීක්ෂණයෙන් එම සියලු චෝදනා සම්බන්ධයෙන් විමර්ශන මේ වන විට පැවැත්වෙනු ඇත.

චානක තරංග ඇල්පිටිය

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com