ශී‍්‍ර ලංකාවේ ප‍්‍රභූවරුන් බන්ධනාගාරගත කීරීමත් සමග රෝහල් ගත වීමට අවස්ථාව හිමිවීමත් සාමාන්‍ය පුරවැසියන්ට එම අවස්ථාව අහිමිවීමත් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ විශේෂ අවධානයට යොමු වී තිබේ.
එ් අනුව ජිනීවා නුවර අද (26) දින ආරම්භ වන 37 වැනි ජගත් මානව හිමිකම් සැසිවාරයේදී මහ කොමසාරිස්වරයා විසින් ශී‍්‍ර ලංකාව ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාවේ මේ බව සඳහන්ව ඇත.
මෙරට අධිකරණ කි‍්‍රයාවලිය දෙයාකාරයකට සිදුවන බවත් එහිදී ප‍්‍රභූවරුන් එක් ආකාරයකටත් සාමාන්‍ය ජනතාවට වෙනත් ආකාරයකටත් කි‍්‍රයාත්මක වන බවද අදාළ වාර්තාවෙන් දක්වා ඇත.
එහිදී ප‍්‍රභූවරුන් කිහිපදෙනකුගේ නම් පවා අදාළ වාර්තාවේ සඳහන් කර ඇති අතර ඔවුන් බන්ධනාගාර ගත කර පැය කිහිපයක් තුළ රෝහල් ගත කළ බවත් සාමාන්‍ය පිරිස් හට දැඩි සෞඛ්‍ය අවශ්‍යතා මතු වුවද එ් සඳහා අවස්ථාව හිමි නොවන බවද පෙන්වා දී තිබේ.
මේ අතර ඇතැම් පිරිස් වසර දහයක් වැනි දීර්ඝ කාලයක් රිමාන්ඞ් බන්ධනාගාරගත කර සිටීම සම්බන්ධයෙන් ද මානව හිමිකම් මහ කොමසාරිස්වරයා සිය වර්තාවේ ස`දහන් කර ඇත.
නුවන් සේනාරත්න