master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ශ්‍රීදේවිට හදිසි හෘදබාධය හට ගැනීමේ හේතු හෙළිවේ


2018-02-26 15:17:50 -  1017 යි

ඉන්දිය සිනමාවේ සුපිරි නිළි ශ්‍රී දේවිගේ හදිසි අභාවයට හේතුව හෙළි වී තිබෙනවා. ඇය විසින් සිදුකර ඇති සැත්කම් හදිසි හෘදබාධයට හේතු වී ඇති බවයි ඉන්දිය වාර්තා සඳහන් කරන්නේ.

වසර 14ට පසු ඇය නැවත සිනමාවට පැමිණයේ 2012 වසරේ දී.  ඒ ඉන්ගිෂ් විංලිෂ් චිත්‍රපටයෙන්.

එම අවස්ථාවේ දී ශ්‍රී දේවි තමන්ගේ පෙනුම 2012 වසරට ගැලපෙන පරිදි සිය ශරිරයේ ‍වෙනස්කම් කර ගැනීම සඳහා සැත්කම් කිහිපයක් කර ගෙන තිබෙනවා.

ඒ අනුව ඇය විසින් සිය පියවුරු වර්ධනය කර ගැනීම සඳහා එන්නත් කරගෙන ඇති අතර ඉන්පසු ඇයගේ පියවුරු පෙරට වඩා කැපි පෙනෙන අයුරින් වර්ධනයක් වි ඇති බවයි ඉන්දිය වාර්තා සඳහන් කළේ.

ඇය අවස්ථා ගණනාවක දී මෙලෙස සිය පියවුරු වර්ධනය වීම සඳහා එන්නත් ලබාගෙන තිබෙනවා.

එමෙන්ම ඇය විසින් මෙයට පෙර ප්ලාස්ටික් සැත්කමක් ද සිදුකරගෙන ඇති බව සඳහන්. ශ්‍රී දේවිගේ මුල්වියේ දමිළ සිනමාවේ රූපයට වඩා වෙනසක් බොලිවුඩ් සිනමාවේ දී දැකිය හැකි වනවා.

ඊට හේතුව ඇය හින්දි සිනමාවට ගැලපෙන පරිදි විවිධ සැත්කම් මගින් හා එන්නත් මගින් සිට රූපය වෙනස් කර ගැනීමයි.

දමිළ සිනමාවේ දුටු ශ්‍රී දේවිගේ මුහුණ රවුම් හැඩයක් වූ අතර ඇය කෙටි නාසයකට හිමිකම් කිව්වා.

නමුත් එම ආකාරයටම ඇය සිය සිනමා දිවියේ පළමු අධ්‍යක්ෂවරයා වූ කේ.භාරතීරාජා විසින්ම ඇයව හින්දි සිනමාවට හඳුන්වා දෙන්නේ ද  රවුම් මුහුණක් සහිත කෙටි නාසයකට හිමිකම් කියු ශ්‍රී දේවිවයි.

එහි ඉහළ ප්‍රසිද්ධියක් ලැබු ශ්‍රී දේවි සිය හැඩරුව සඳහා කල් තරුණ බවකින් තබා ගැනීම සඳහා ප්ලාස්ටික් සැත්කමක් සිදුකර ගත්තා. ඒ 1980 දශකයේ දී.

1980 දශකයේ හින්දි සිනමාවේ දුටු ශ්‍රීදේවිගේ පෙනුම සම්පුර්ණයෙන් වෙනස් වී තිබුණා.

එම සැත්කමේ දී ඇය විසින් තමන්ගේ කෙටි නාසය දිගු නාසයක් බවට ද වෙනස් කර ගෙන ඇති බව සඳහන්.

ඒ කෙසේ වෙතත් ඇගේ සිරුරේ හැඩය වෙනස් නොවී තබා ගැනීම සඳහා අවස්ථා කිහිපයකදී එන්නත් ලබාගෙන ඇති අතර මෑත කාලීනව ඇය නැවතත් එන්නත් ලබාගෙන ඇත්තේ සිය නවතම චිත්‍රපට වූ Zero චිත්‍රපටයේ රඟපෑමට දින වෙන්වීමත් සමගයි .

එහිදී ඇය සිය පියවුරු වර්ධනය වීම සඳහා එන්නත් ලබාගෙන ඇති අතර ඉන්පසු අවස්ථා කිහිපයකදී හින්දි සිනමාවේ සුරූපිනිය වූ ශ්‍රී දේවි අසනීප තත්ත්වයට පත්ව තිබෙනවා.

පසුගියදා ශ්‍රී දේවි ඇයගේ ඥාතියෙකුගේ විවාහක මංගල්‍ය උත්සවයකට සහභාගීවීමට ගිය අවස්ථාවේ දී ඇති වූ හදිසි හෘදයාබාධයකින් අභාවයට පත්වුණේ සිය 54 වන වියේදීයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com