master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අංගොඩ ලොක්කා ලඩියාත් අරන් ඩුබායි පැන්න හැටි මෙන්න


2018-02-26 10:23:41 -  953 යි

කළුතරදී බන්ධනාගාර බස් රථයකට ප්‍රහාරයක් එල්ල කර සමයං නමැති පාතාල කල්ලි නායකයා ඇතුළු 07 දෙනකු ඝාතනය කර ඉන්දියාවට බෝට්ටුවක නැගී පැනගත් අංගොඩ ලොක්කා නමැති පාතාල කල්ලි නායකයා සිය ප්‍රධාන ගෝලයා වන ලඩියාද සමග ඉන්දියාවෙන් ඩුබායි රටට පැන ගොස් ඇත.

‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ වැටලීම් අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි ‍පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මහතාට පිළියන්දල දී වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ දැරූ වෙඩික්කරු ලෙස හඳුනාගත් අසිත නමැත්තා ද ඉන්දියාවේ සිට ඩුබායි රටට පැන ඇති බව සඳහන් ය. මොවුන් තිදෙනා ඉන්දියාවෙන් පැන ඩුබායි වෙත ගොස් ඇත්තේ යැයි සඳහන් වන්නේ ඉකුත් සතියේ ය.

මේ තිදෙනාම මේ වන විට ඩුබායි හි අබුඩාබි සීමාවේ තට්ටු නිවාස සංකීර්ණයක පිහිටි නිවසක සිටින බවත්, මාකඳුරේ මධුෂ් නමැති පාතාල කල්ලි නායකයා ඔහුගේ අනියම් බිරිඳ සමග සිටින්නේ ද එම තට්ටු නිවාස සංකීර්ණයේ බවත් තතුදත් තොරතුරු ඊතලයට අනාවරණය කළේ ය.

ගයාන් කුමාර වීරසිංහ



  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com