master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

නිවසට පැන ගුරුවරියකට අතවර කරන්න හදපු පුද්ගලයෙක් කරපු අමානුෂික වැඩේ - වීඩියෝ


2017 01 04 07.37 AM -  9475 යි

බෙල්ල කපන්නමයි හැදුවේ...
මම බොහොම අමාරුවෙන් බේරුණේ..
ඇඟිල්ලක් හපා කෑවා..

කොටදෙනියාව - බඩල්ගම ප්‍රදේශයේ පදිංචි පෙර පාසල් ගුරුවරියක බිය වද්දා අතවර කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන 
තිබෙනවා. 

අදාළ පුද්ගලයා සිදුකළ පිහි ඇනුම් කිහිපයක් හේතුවෙන් ගුරුවරිය බරපතළ තුවාල ලබා දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා. 


කොටදෙනියාව - බඩල්ගම - කටුකෙන්ද ප්‍රදේශයේ පදිංචි මෙම ගුරුවරියගේ නිවසට ඊයේ රාත්‍රියේ පැමිණි පුද්ගලයෙකු තියුණු ආයුධයක් පෙන්වා බිය ගන්වා ඇයට අතවර කිරීමට උත්සාහ කර තිබෙනවා. 

අදාළ ගුරුවරියට පිහියෙන් ඇණ බරපතළ තුවාල සිදුකර සැකකරු පළගොස් ඇත්තේ එම උත්සාහය අසාර්ථක වීම හේතුවෙන්. 

පසුව අසල්වැසියන් පිරිසක් ඇය අකරගම රෝහලට ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා මීගමුව මුලික රෝහලට ඇතුළත් කෙරුණා. 

මෙලෙස තුවාල ලබා ඇත්තේ කටුකෙන්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක් වූ පෙර පාසල් ගුරුවරියක්. 

අදාළ සැකකරුගේ අතෙහි ඇඟිල්ලක් වෙන්වන ලෙසට සපා කෑම හේතුවෙන් සැකකරු හඳුනා ගෙන අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවා. 

මේ අතර, ජනවාරි 1 වැනිදා මාතර බස්නැවතුම්පළේ පිහිටි ආපනශාලාවකට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු එහි සිටි අයකැමි බියගන්වා රුපියල් 5000 ක මුදලක් ලබාගන්නා ආකාරය වෙළෙඳසැලේ සවිකර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන් වී තිබුණා. 

අදාළ පුද්ගලයින් දෙදෙනා පොලිසිය විසින් හඳුනාගෙන ඇති අතර, මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. 

ඔවුන්ගේ රියදුරු බලපත්‍රය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com