master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ඔයා පෙත්තක් ගත්තද? දරුවා ඔයාගේ තුරුලට ගන්න - දෙහි කපන්න ඇවිත් නංගීට හදි කළ කපු මහත්තයාගේ ඉරණම විසඳුන හැටි


2018-02-15 17:30:49 -  1038 යි

ලුණුගම්වෙහෙර පොලිස් වසමේ දකුණු ඉවුර කුඩාගම්මාන තුන ප්‍රදේශයේ දී පසුගිය 04 වනදා කපු මහතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ලුණුගම්වෙහෙර පොලිසිය  සමත්වී තිබේ .

අත්අඩංගුවට පත් අය ඇඹිලිපිටිය වරාකැටිආර ප්‍රදේශයේ හා අවිස්සාවෙල්ල නාපාවල මෙන්ම කතරගම කවන්තිස්සගම යන ප්‍රදේශයන්හි පදිංචි කරුවන් වේ.

දේවාලයේ ප්‍රතිකාර ගැනීමට පැමිණි තම නැගණියට ලිංගික අතවර සිදුකිරීම සම්බන්ධයෙන් බහන්බස් වීමක් දුරදිග යාමෙන් කපුමහතා මියගිය බව ඔවුන් ප්‍රකාශ කර තිබේ .

තම නිවසේ දේවාලයක් පවත්වාගෙන ගෙන ගිය අදාළ කපුමහතා ඔහුගේ දේවාලය තුළදී තියුණු ආයුධයකින් පහරදී පසුගිය 04 වනදා ඝාතනය කර තිබිණි.

ඝාතනයට ලක්වූ කපුමහතෙකු ලෙස සේවය කළ පුද්ගලයා දෙදෙරු පියෙකු වන අතර පසුගිය 04 වනදා උදෑසන කපුමහතාගේ නිවස වෙත පමණ තිබු කැබ් රථයක්  පිටව යන අයුරු ප්‍රදේශ වාසීන් දැක තිබු අතර ඒ ඔස්සේ ලුණුගම් වෙහෙර පොලීසිය පරීක්ෂණ පවත්වා තිබේ .

පොලීසිය විසින් සිදුකළ මුලික පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ අදාළ කැබ් රථයේ පැමිණි පිරිස දරුවෙකුගේ රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීම සඳහා කීප අවස්ථාවකදීම මෙම දේවාලයට පැමිණ ඇති බවයි.

 

මේ අතර පසුගිය 03 වනදා කපුමහතාගේ නියමය පරිදි කතරගම වැඩිහිටිකන්දේ පුජාවක් පවත්වා රාත්‍රී දෙහි කැපීමක් සඳහා යළි කපුමහතාගේ දේවාලය පිහිට ලුණුගම්වෙහෙර නිවසට පැමිණ තිබේ .

මෙම අවස්ථාවට අදාළ දරුවාගේ පියා මෙන්ම ඔහුගේ නැගණියක් සහ බිරිඳ ද සහභාගි වී තිබේ .

මේ අතර එදින රාත්‍රී දරුවාට ප්‍රතිකාර කරන අතරතුර දරුවා වඩා ගෙන හිටි දරුවාගේ පුංචි අම්මාට කපුවා ප්‍රකාශ කර ඇත්තේ දරුවා තමාගේ ඇඟට ස්පර්ශවන ආකාරයෙන් හැට්ටය උස්සා තබා ගන්න ලෙසයි.

ඒ අනුව දරුවා රඳවාගෙන සිටි  අදාළ තරුණියගේ ඇඟද ස්පර්ශ වන ආකාරයෙන් කපුමහතා මතුරන ලද තෙල් දරුවාගේ අඟේ ගා ඇති අතර මේ අතර තුර දරුවාගේ පුංචි අම්මා වූ 25 හැවිරිදි තරුණිය ආවේශ වී තිබේ .

මේ අවස්ථාවේදී කපු මහතා ප්‍රකාශ කර ඇත්තේ මෙතන කට්ටිය හිටියොත් බිල්ලක් දීමට සිදුවන බවත් එම නිසා අදාළ තරුණියට ප්‍රතිකාර කරන තුරු නිවසින් පිටව යන ලෙසයි. 

එමෙන්ම අදාළ තරුණියගේ ආරක්ෂාවට තමාගේ මව කැඳවා ගන්න බවටද කපුමහතා ඔවුන්හට ප්‍රකාශ කර තිබේ .

කාලයක් තිස්සේ කපුමතාගෙන් දේවාලයේ වැඩකටයුතු කර ගත් මොවුන් කපු මහතාගේ කීමට ඇහුම් කන් දී අඹිලිපිටියේ තම නිවසට ගොස් පසු දා උදෑසන පැමිණ අදාළ තරුණිය රැගෙන නිවසට ගොස් තිබේ .   

 

මේ අතර තුර රෝගී දරුවාගේ පියා වන ඔහුට දේවාලයේ කපුමහතාගෙන් දුරකථන ඇමතුමක් පැමිණ ඈති අතර එහිදී කපු මහතා අසා ඇත්තේ නංගි කොහෙද කියාය නංගි නැති බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව කපු මහතා ඔහුගේ නැගණියගේ ජංගම දුරකථනයටද ඇමතුමක් ලබා ගෙන ඇති අතර එම අවස්ථාවේදී  අදාළ රෝගී දරුවාගේ පියා වන ඇයගේ සොහොයුරාද එතන සිට ඇත.

"ඔයා පෙත්තක්  ගත්තද" යන්න මෙන්ම කන්තාවක් සමඟ කතා කරීමට නුසුදුසු ආකාරයෙන් කපුමහතා නැගණියට කතා කළ දුරකථන ඇමතුමට සවන් දුන් ඔහුට ඇසී තිබේ .

මේ සමගම කෝපයට පත් අදාළ පුද්ගලයා තමාට දේවාලය සම්බන්ධයෙන් තොරතුරු ලබා දුන් අවිස්සාවේල්ල ප්‍රදේශයේ හිතවතා මෙන්ම , කතරගම ප්‍රද්ශයේ පදිංචි අයෙකුද සමඟ 04 වනදා උදෑසන කපුමහතාගේ දේවාලය පැවති නිවසට පිමිණ  නංගිට සිදුකළ දේ ගැන විමසා තිබේ එහිදී කපුමහතා ප්‍රකාශ කර ඇත්තේ නංගි ගෙනත් දේවාලයේ නවත්වන ලෙසයි .

 

මෙහිදී කෝපයට පත් තරුණයා ඔහුට අතින් පහරක් ගසා තිබේ එවිට කපුමහතද ත්‍රිශූලයෙන් පහර දීමට උත්සහ ගැනීමේදී කකුල් දෙකට එල්ල කරන ලද පහරින් ඔහු වැටි ඇති අතර ඒ අතරතුර කතරගම ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි අය අත තිබු පිහිය කපුමහතාගේ සිරුරට ඇණ තිබේ . 

පසුව තමන් පැමිණි කැබ් රථයෙන්ම පලා ගිය බවත් එම පිහියද කපුමහතාගේ බවත් අඩංගුවට සැකකරුවන් පොලීසියට ප්‍රකාශ කර තිබේ .

අත්අඩංගුවට පත්  ඇඹිලිපිටිය වරාකැටිආර ප්‍රදේශයේ අය වයස වුරුදු 32 ක් හා  අවිස්සාවෙල්ල නාපාවල පදිංචි අය වයස අවුරුදු 40 ක්  මෙන්ම කතරගම කවන්තිස්සගම යන ප්‍රදේශයන්හි පදිංචි ඇයගේ වයස අවුරුදු 20 ක් වේ  .

මොවුන් තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙම වැටලීම තිස්සමහාරාම පොලීසියේ ස්ථානාධිපති  පොලිස් පරීක්ෂක දිසානායක මහතාගේ උපදෙස් මත පො ,සැ 46409  පේමදාස , 33113 සිසිර , 35324 රන්ජිත් ,80286 සම්පත් යන අය විසින් සිදුකර තිබේ .

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com