master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ලංකාවට ආවේ නැත්නම් මොකද කරන්නේ?


2018-02-15 07:41:17 -  599 යි

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සැකකරුවකු බවට පත්ව සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට ලබාදුන් කාලසීමාව අදින් (15දා) අවසන් වෙයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඔහු පෙනී නොසිටියහොත් ශ්‍රී ලංකා රජයට ඉතිරිව ඇති විකල්ප පිළිබඳ ආචාර්ය ප්‍රතිභා මහානාමහේවාගෙන් කළ විමසුමකදී ඔහු පවසා සිටියේ ඉන් අනතුරුව ක්‍රියාත්මක කිරීමට රජයට ඉතිරිව ඇත්තේ විකල්ප තුනක් පමණක් බවය.
සිංගප්පූරු රජය හා ශ්‍රී ලංකාව අතර උදර්පණ නීතිය අස්සන් කොට නොමැති වීම හේතුවෙන් මෙරට විදේශ අමාත්‍යාංශය සිය තානාපති සබඳකම් පාවිච්චි කොට සැකකාර අර්ජුන මහේන්ද්‍රන්ව මෙරටට ගෙන්වා ගැනීම ඉන් එක විකල්පයක් බවය.

නැතහොත් ශ්‍රී ලංකාව තුළ ඔහුට විරුද්ධව නැඟී ඇති චෝදනා සම්බන්ධව එරට මහාධිකරණයේ ඔහුට විරුද්ධව නඩු පැවැරීම තවත් විකල්පයක් බවද ඔහු පැවැසුවේය.
එසේත් නැතිනම් අර්ජුන මහේන්ද්‍රන් රහිතව ඒකපාර්ශ්වික නඩු විභාගයක් පවත්වා එම නඩු තීන්දුව සිංගප්පූරුවට යවා එරට මහාධිකරණය ලවා එය යළි විභාග කිරීම අනෙක් විකල්පය බවද හෙතෙම පැවැසීය.

කෙසේ වෙතත් මේ විකල්පය ක්‍රියාත්මක කිරීම සඳහා වසර ගණනාවක් ගත වන බවත් සියල්ල රදා පවතින්නේ සිංගප්පූරු රජයේ හැසිරීම මත බවත් ඔහු පැවැසුවේය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com