master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

යාපනයේ රවී කුමාර් කොටි උද්ඝෝෂණය හෙළා දකියි


2018-02-09 08:02:23 -  610 යි

සපුමල් ජයසේන

තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් වූ එල්.ටී.ටී.ඊ. සංවිධානය ඔවුන්ගේ ධජය ප්‍රදර්ශනය කරමින් අපේ රටට එරෙහිව බි්‍රතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂණය තරයේ හෙළා දකින බව යාපනය දෙමළ බෞද්ධ සංගමයේ සභාපති රවී කුමාර් මහතා "ඊතලය" අමතා ඊයේ (08දා) පැවැසීය.

යාපනය දෙමළ බෞද්ධ සංගමය රනිල් වික්‍රමසිංහ, මෛත්‍රිපාල සිරිසේන හෝ මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් සිටින සහ කිසිදු දේශපාලන පක්ෂයකට සහායක් නොදක්වන බව රවීකුමාර් මහතා කියා සිටී.

නමුත් තිස් වසරක් පුරා පැවැති යුද්ධය අවසන් වී සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව සමඟියෙන් ජීවත්වීමට උත්සාහ දරද්දී විදෙස් රටවල සිටින ඇතැමුන් කොටි සංවිධානයේ මුදල් ලබාගනිමින් නැවත ලංකාව භීෂණය පිරි අඳුරු යුගයකට තල්ලු කිරීමට තැත් කරන්නේ නම් සියල්ලන්ම ඊට එරෙහි විය යුතු බව හෙතෙම සඳහන් කරයි.
මෙහිදී බි්‍රගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාගේ ක්‍රියා කලාපයෙහි වරදක් නොදකින බවද ඔහුව නැවත සේවයෙහි පිහිටුවීම අගය කළ යුතු බවද යාපනය දෙමළ බෞද්ධ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පවසයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com