master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ඉවත් කළත් ශ්‍රීලංකන් ප්‍රධාන විධායක නිලධාරියා තවම වැඩ !


2018-02-09 07:53:19 -  392 යි

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඉවත් විය යුතු යයි තීරණය කරන ලද එහි ප්‍රධාන විධායක නිලධාරී සුරේන් රත්වත්ත තවමත් සිය රාජකාරී සුපුරුදු පරිදි සිදුකරන බව වාර්තා වේ. පසුගියදා ඕස්ට්‍රේලියාවේ පෞද්ගලික නිවාඩුවකට ගොස් සිටි සුරේන් රත්වත්ත ලංකාවට පැමිණිදා පටන් නැවත ගුවන් සමාගමේ රාජකාරී ආරම්භ කොට ඇති බවද සඳහන්ය.

ශ්‍රීලංකන් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ප්‍රධාන විධායක නිලධාරියා සිය කාලය පුරාවට සැලකිය යුතු මට්ටමේ ප්‍රගතියක් පෙන්නුම් නොකිරීම හේතුවෙන් අදාළ තනතුරින් ඉවත්කිරීමේ ලිපිය විෂය භාර අමාත්‍යවරයා වෙත ලබාදී තිබූ බව සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කර තිබුණි.

 

මාසිකව මිලියන 04 ක පමණ මාසික වැටුපක් අදාළ ප්‍රධානියා විසින් ලබාගන්නා අතර ඔහු  අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක චරිත රත්වත්තේගේ සහෝදරයෙකි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com