master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ටයි පටියෙන් ගෙල සිර කර පාසල් දැරිය කෙළෙසූ විත්තිකරු දස වසරක්‌ හිරේ


2018-02-09 07:31:57 -  770 යි

රත්නපුර විශේෂ - තිලකසිරි දැල බණ්‌ඩාර
 
 පාසල ඇරී කැලෑබද මාර්ගයක්‌ ඔස්‌සේ නිවස කරා තනිව පා ගමනින් යමින් සිටි 14 වියෑති පාසල් දැරියක පැහැරගෙන කැලය මැද තිබූ ගල් ගුහාවකට ඇදගෙන ගොස්‌ පාසල් ටයි පටියෙන් ගෙල සිරකර බිය ගන්වා අතවර කළ පුද්ගලයකුට රත්නපුර මහාධිකරණ විනිසුරු රොහාන් ජයවර්ධන මහතා විසින් බරපතළ වැඩ ඇතිව වසර 10 ක සිර ද`ඩුවම් නියම කරන ලදි. ඊට අමතරව විත්තිකරුට රුපියල් 100000.00 (ලක්‌ෂයක) වන්දියක්‌ ගෙවීමට ද නියම කෙරිණි. 
 
 විත්තිකරු වූයේ බලංගොඩ පදිංචි සිංහපුරගේ සමන් කුමාර නමැත්තෙකි.
 
 2009 දෙසැම්බර් මස 7 වැනි දින බලන්ගොඩ මස්‌සැන්න වත්තේදී එවකට 14 හැවිරිදි බාල වයස්‌කාර දැරියකට අතවර කරන ලදැයි විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා නගා තිබුණි.
 
 විත්තිකරු ඊට නිවැරැදිකරු බව පවසන ලදුව නඩු විභාගය ඇරඹී තිබූ අතර නඩුව අඩක්‌ විභාග වෙද්දී චූදිත චෝදනාවට වරද භාර ගත්තේය. අධිකරණය ඔහු වරදකරු බවට තීන්දු කර ද`ඩුවම් නියම කළේ ය. රජයේ අධිනීතිඥ අක්‌බෝ පණ්‌ඩිතරත්න මහතා නඩුවේ පැමිණිල්ල මෙහෙයවී ය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com