master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අන්තර් ජාතික පොලිසිය මා නිදහස්‌ කළා - ෆේස්‌ බුක්‌ සටහනක්‌ තබමින් උදයංග කියයි


2018-02-09 07:22:16 -  258 යි

තමන්ට එරෙහිව කිසිදු ජාත්‍යන්තර චෝදනාවක්‌ හෝ රතු වරෙන්තුවක්‌ නොමැති බව තහවුරුවීම නිසා ඩුබායිහි අන්තර් ජාතික පොලිසිය තමා නිදහස්‌ කළ බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා සිය ෆේස්‌ බුක්‌ ගිණුමේ සටහනක්‌ තබමින් සඳහන් කර තිබේ.

එසේ වුවද වත්මන් රජයෙන් තමන්ට සිදුවන දේශපාලන පළිගැනීම් නිසා දැනට ශ්‍රී ලංකාවට පැමිණීමට අදහසක්‌ නැති බව ඔහු එම ෆේස්‌ බුක්‌ සටහන මගින් පවසා ඇත.

ශ්‍රී ලංකා රජය තමන්ට එල්ල කරන චෝදනා සියල්ල සම්පූර්ණයෙන්ම අසත්‍ය බවද පළාත් පාලන ඡන්දයට වාසි ගැනීම සඳහා තමන් අත්අඩංගුවට ගැනීමට රජය ගත් උත්සාහය අසාර්ථක වූ බවද හෙතෙම එමඟින් පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකා පොලිසියට එරෙහිව ජාත්‍යන්තරව වන්දි නඩුවක්‌ පැවරීමට අවස්‌ථාවක්‌ මෙම සිද්ධියත් සමග උදාවීම සම්බන්ධයෙන් තමා සතුටු වන බවද එම ෆේස්‌ බුක්‌ පණිවිඩයේ සඳහන්ව තිබේ.

ඩුබායිහි අන්තර් ජාතික පොලිසිය උදයංග වීරතුංග මහතා පරීක්‍ෂා කර අත්අඩංගුවට ගෙන තිබුණේ මීට දින දෙකකට පමණ පෙරය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com