master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

උදයංග ගේන්න යන කණ්ඩායමට තවම වීසා නෑ! විදේශ ලේකම් හොයාගන්න නෑ!!


2018-02-08 08:10:48 -  617 යි

ඩුබායි හි සිටින බව කියන උදයංග වීරතුංග මහතා ලංකාවට රැගෙන ඒම සඳහා ඩුබායි බලා යන කණ්ඩායම ගමන් ගැනීමට නියමිත ව තිබූ ගුවන් යානය අද සවස 6.45ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ගමන් ඇරඹූ නමුත් ඒ ගුවන්යානාවේ පෙර කී කණ්ඩායම නොමැත.

එයට හේතුව එම කණ්ඩායමේ 7 දෙනාගෙන් 6 දෙනෙකුටම වීසා ලැබී නොමැති නිසා ය.

මෙම 7 දෙනාගේ කණ්ඩායම සමන්විත වන්නේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විද්‍යාලංකාර, ජනාධිපති නීතීඥ සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ, නීතිපති දෙපාර්තමේන්තුවේ MLA විශේෂඥ නීතීඥ පාරින්ද රණසිංහ ඇතුළු තවත් නිලධාරීන්ගෙනි.

මෙම පිරිස මෙයට දින 3කට පෙර එනම් පෙබරවාරි 4 වැනිදා පටන් වීසා ලබාගැනීම සඳහා අදාළ ලිපි ලේඛණ විදේශ කටයුතු අමාත්‍යාංශයට භාර දී තිබේ.

මේ 7 දෙනාගේ කණ්ඩායම පැය ගණනාවක් තිස්සේ මෙම ගමනට සූදානම් වී බලා සිටි අතර, ඔවුන් අද දහවල් පටන් විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ප්‍රසාද් කාරියවසම් මහතා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කර ඇති නමුත් එය සාර්ථක වී නැත. ප්‍රසාද් කාරියවසම් මහතා කුමක් හෝ හේතුවක් නිසා දුරකථන ඇමතුම්වලට පිළිතුරු දෙන්නේ නැත.

7දෙනාටම සරිලන පරිදි හෝටල් පහසුකම් යනාදිය සියල්ම ද ඩුබායි රාජ්‍යය තුළ කලින් සැලසුම් කර තිබෙන්නේ අද රාත්‍රියේ ඔවුන් ලංකාවෙන් පිටත්ව යන බව සලකමිනි.

ගුවන් යානාව පිටත්ව යාමට විනාඩි කිහිපයකට පෙර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විද්‍යාලංකාර මහතාට පමණක් වීසා ලැබුණු බව අපට වාර්තා විය. නමුත් ඔහුට පවා සවස 6.45 ගුවන් යානාවේ ඩුබායි බලා යාමට නොහැකි වන අතර, ඒ අනුව ඉදිරි විකල්පයක් සලකා බැලීමට ඔහුට සිදුවනු ඇත.

එවිට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ට උදයංග රැගෙන ඒමට යන්නට සිදුවන්නේ තනියමද? ඉතිරි 6 දෙනාගේ වීසා ගැටළුව විස‍ෙඳන තාක් කල් එයට පිළිතුර අවිනිශ්චිත ය. 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com