www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ගලෙන්බිඳුණුවැව වැන්දඹු කාන්තාවක් කෙලෙසා ඇයගේ ඇඳේ නින්ද ගිය අවිවාහක තරුණයාගේ ඉරණම


2018-02-08 07:58:45 -  2497 යි

වැන්දඹු කාන්තාවක් කෙලෙසා ඇයගේ ඇඳේ නින්ද ගොස් සිටි අවිවාහක තරුණයකු එම කාන්තාවගේ පොරෝ පහරකින් ඝාතනයට ලක්වී තිබේ. තරුණයා ඝාතනයෙන් පසු පොරවත් සමඟ සැකකාරිය ගලෙන්බිඳුණුවැව පොලිසියට ඊයේ (07දා) අලුයම භාර වී තිබේ.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගලෙන්බිඳුණුවැව ලිපිනයේ පදිංචිව සිටි 37 හැවිරිදි අවිවාහක වෘත්තියෙන් පෙදරේරුවකු වන යාපාමුදියන්සේලාගේ එළිසන් කුමාර රත්නායක යන අයයි.

ඝාතනයට ලක්වූ අවිවාහක තරුණයා අවස්ථා ගණනාවකදීම 52 හැවිරිදි වියේ පසුවන වැන්දඹු කාන්තාවට අතවර කිරීම සඳහා නිවෙසට ඇතුළුවීමට උත්සාහ කර ඇතත් ඒ සෑම අවස්ථාවකම ඔහුගේ උත්සාහය වැළැකී ගොස් ඇති බව පොලිසිය පැවැසුවේය. මීට දින කිහිපයකට ඉහතදී වහලයේ සෙවිලි ගලවා නිවෙස තුළට ඇතුළුවී කාන්තාව කෙලසීමට මරණකරු උත්සාහ දැරූවත් එම උත්සාහය වැළැකී ගොස් ඇති බව පරීක්ෂණ සිදුකරන පොලිසිය පැවැසුවේය.

ඊයේ (07දා) අලුයම තරුණයා මත්පැන් පානය කිරීමෙන් අනතුරුව නිවෙසට ඇතුළු වී නිදා සිටි කාන්තාව කෙලෙසා ඇති බවත් මරුණකරුට සැකකාරියගේ ඇඳ මත නින්ද ගිය අවස්ථාවේ ඇය දර පැලීමට උපයෝගි කරගත් පොරවක් ගෙනැවිත් තරුණයාගේ ගෙල කැපී යන අන්දමින් දරුණු පොරෝ පහරක් එල්ල කර තිබෙන බවත් පොලිසිය පැවැසුවේය.

මරණකරු දිගින් දිගටම අතවර කිරීමට නිවෙසට පැමිණීම සිදුකළ නිසා ඔහු මරා දැමූ බව ඇය පොලිසියට පවසා තිබුණාය. ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරව කාන්තාව අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
ගලෙන්බිඳුණු වැව පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ෆොන්සේකා මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ සිදු කරයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com