master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අවසන් සටන අද


2018-02-07 07:54:49 -  280 යි

ශ්‍රී ලනිප, එජාප ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ජවි පෙරමුණ යන ප්‍රධාන පක්ෂ හතරෙහි අවසන් මැතිවරණ ප්‍රචාරක රැලි එම පක්ෂ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව, කොළඹ කොස්ගස්හන්දිය, හෝමාගම සහ මහරගම යන ප්‍රදේශවලදී අද (7දා) සවස පැවැත්වෙයි.
ශ්‍රී ලනි පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අවසන් මහජන රැලිය අද (7දා) සවස පොළොන්නරුවේ කදුරුවෙලදී පැවැත්වෙන අතර ඊට අමතරව අද දවසේදී ගල්ගමුව අලව්ව යන ප්‍රදේශයන්හිදී තවත් මහජන රැලි 2ක් පැවැත්වේ.

එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එජාප අවසන් මහජන රැලිය අද (7දා) සවස කොළඹ 14 කොස්ගස්හන්දියේදී පැවැත්වෙන අතර ඊට අමතරව අද දවසේදී එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර, ගාල්ල, කළුතර යන නගරවලදී මහජන රැලි කිහිපයක්ද පැවැත්වේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවසන් මහජන රැලිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස හෝමාගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර උදෑසන 10ට කුරුණෑගල මාලිගාපිටියේදී තවත් මහජන රැලියක් පැවැත්වේ.

ජනතා විමුක්ති පෙරමුණේ අවසන් මහජන රැලිය පැවැත්වෙන්නේ පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම ප්‍රධාන මංසන්ධියේදී සවස තුනටය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com