master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ගම්පහදී අදත් වෙඩි තබයි - අයෙක් මරුට


2018-02-06 10:21:45 -  395 යි

ටෝනි කරුණානායක - ගම්පහ

ගම්පහ ප්‍රදේශයකදී අද (06) පෙරවරුවේත් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

ඒ ගම්පහ කෙහෙල්බැද්දර ප්‍රදේශයේදීයි. නිවසක් තුළ සිටි පුද්ගලයෙකුට මෙලෙස වෙඩි තබා ඇති අතර ඔහුව රෝහල් ගත කිරීමේදී මිය ගොස් තිබෙනවා.

වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ නෙවිල් පෙරේරා නැමැති අයෙක්. නාදුනන දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදු කර පළාගොස් තිබෙනවා.

ප්‍රදේශයේ ඇති පස් කන්දක් සම්බන්ධයෙන් පවතින ආරවුලක් දුර දිග යෑම හේතුවෙන් මෙම වෙඩි තැබීම් සිදු වන අතර මීට පෙරද මේ ආකාරයෙන් දෙපාර්ශය අතර වෙඩි තැබීම් සිදු වුණා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com