master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මාස 13ක දැරියට වධ දී මහ මග දමා ගිහින් දැන් බරපතළ තත්ත්වයෙන් රෝහලේ


2018-02-06 08:27:49 -  508 යි

මාස 13 ක දැරියක මහමග දමාගොස්‌ තිබියදී පෙරේදා (03 දා) පස්‌වරු 1.00 ට පමණ කටුවන පොලිසියට ලද පැමිණිල්ලක්‌ මත සොයාගෙන ඇත.

කටුවන වීරක්‌කුට්‌ටිගොඩ හිඳකරල්දෙනිය ප්‍රදේශයේදී මෙම දැරිය හමුවී ඇත. දැරිය පොලිසියට හමුවන විට ඇයට වධහිංසා පමුණුවා ඇයගේ ස්‌ථාන කිහිපයක්‌ පුලුස්‌සා තිබිණි. පොලිස්‌ භාරයට ගත් දැරිය ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර ඇත. දැරිය දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඇයගේ තත්ත්වය බරපතළ බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධව එම දැරියගේ මව සැක කරන අතර ඇය ප්‍රදේශයෙන් පලාගොස්‌ ඇත. පවුල් ප්‍රශ්නයක්‌ මෙම සිද්ධියට හේතු වී ඇතැයි පොලිසිය පවසයි.

මේ සම්බන්ධව කටුවන පොලිස්‌ථානාධිපති අනුර ප්‍රියන්ත මහතා ඇතුළු නිලධාරී කණ්‌ඩායමක්‌ පරීක්‍ෂණ පවත්වති.

කේ. කේ. දයාසේන - කටුවන

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com