master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මඟතොටදී හමුවන පිරිමින් නිවෙසට ගෙන්වා ගෙන සැමියාට පෙනෙනසේ එම පුරුෂයන් සමඟ අඹු සැමියන් ලෙස හැසිරීමට බලකරමින් බිරියට පහරදෙන සැමියෙක්


2018-02-05 08:15:32 -  972 යි

මිනුවන්ගොඩ - අතුකෝරල

මඟතොටදී හමුවන පිරිමින් නිවෙසට ගෙන්වා ගෙන සැමියාට පෙනෙනසේ එම පුරුෂයන් සමඟ අඹු සැමියන් ලෙස හැසිරීමට බලකරමින් බිරියට පහරදෙන සැමියකු මිනුවන්ගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ලබන 14 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය නියම කළාය.

මීගමුව මූලික රෝහලේ මානසික රෝග සම්බන්ධ වෛද්‍යවරයා හමුවට සැකකරු ඉදිරිපත් කර එම වෛද්‍ය වාර්තා එදිනට (14 වැනිදාට) අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මීගමුව බන්ධනාගාර අධිකාරිවරයාට මහෙස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියම කළාය.

පැමිණිලිකාරිය 57 වැනි වියේ පසුවන තිදරු මවකි. සැකකරු 61 වැනි වියේ පසුවන හිටපු යුද හමුදා සාමාජිකයකු බව අධිකරණයේදී සඳහන් විය.
සැකකරුගේ ක්‍රියා කලාපය හේතුවෙන් නන්නාඳුනන පුරුෂයන් රැසක් සමඟ පැමිණිලිකාරියට අඹු සැමියන් ලෙස හැසිරීමට සිදුවී ඇති බවත් විවාහකව සිටින දරු තිදෙනා මේ සිද්ධීන් කිසිවක් නොදන්නා බවත් පැමිණිලිකාරිය පොලිසියට ප්‍රකාශ කර තිබේ.

සැමියා නාඳුනන පුරුෂයන්ව නිවෙසට රැගෙන එන විට බිය වන සැකකාරිය නිවෙසින් පලා ගොස් සැඟවීමට උත්සාහ කළද සැමියා ඇයව සොයා ගැනීමෙන් අනතුරුව පහරදී එම ක්‍රියාවේ යොදවන බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com