master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

එකම දැයක් තේමාවෙන් නිදහස සමරන්න සියල්ල සූදානම්


2018-02-03 09:01:24 -  434 යි

ශ්‍රී ලංකාවේ නිදහසට 70 වසරකි. ඉංගී්‍රසි අධිරාජ්‍යවාදීන්ගේ පාලනයෙන් නිදහස් වීමේ සතුට මෙවරද අප උත්සවශ්‍රීයෙන් සමරනු ලබයි. 1948 පෙබරවාරි 4 වැනිදා අපට හිමි වූ නිදහස 1972 වසරේදී ජනරජයක් වීමෙන් වඩාත් පරිපූර්ණ විය.

ඒ අනුව වසර ගණනාවක් ජාත්‍යන්තරයෙන් මුළුගැන්වී සිටි ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය දිනාගෙන මෙවර ජාතික නිදහස් දිනයේ 70 වැනි සංවත්සරය "එකම දැයක්" යන තේමාව යටතේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ දෙස් විදෙස් රාජ්‍ය නායකයන්, නියෝජිතයන් රැසකගේ සහභාගිත්වයෙන් අනිද්දා (04දා) පෙරවරුවේදී ගාලු මුව‍ෙදාර පිටියේදී උත්කර්ෂවත් අන්දමින් සැමරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
මෙවර ජාතික නිදහස් දින උළෙල සඳහා මේ වන විට විශේෂ ආරාධිතයකු ලෙස බි්‍රතාන්‍ය රජ පවුලේ එඩ්වර්ඩ් කුමරු දිවයිනට පැමිණ සිටින අතර ජපානයේ සහ චීනය ඇතුළු තවත් විදෙස් රාජ්‍යයන්හි රාජ්‍ය නායකයන්ද ඉදිරි දිනයේදී දිවයිනට පැමිණීමට නියමිතය.

මෙරට රාජ්‍ය නායකයන් හා රාජ්‍ය දූත පිරිස් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර ජාතික නිදහස් දින උළෙලේදී නිදහසේ සංකේතයක් සහ නිදහස් චතුරස්‍රය සහ 70 වසර යන සංකේත යොදමින් නිදහස් සමරුව වෙනුවෙන් එයටම විශේෂ වූ ලාංඡනයක්ද හඳුන්වා දෙනු ලැබේ.
ගාලු මුව‍ෙදාර පිටියේදී පැවැත්වෙන ජාතික නිදහස් දින සැමරුම් උළෙලට සමගාමීව එදින සවස් කාලයේදී කොළඹ තුරඟ සභා භූමියේදී සංස්කෘතික හා සංගීත ප්‍රසංගයක්ද පැවැත්වෙනු ඇත.

70 වැනි ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් මේ මස පළමු දින සිට හත් වන දින දක්වා සියලුම නිවෙස්වල යානවාහනයන්හි සහ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනයන්හි ජාතික කොඩිය ඔසවා තබන ලෙස ලක්වැසි සියලුම ජනතාවගෙන්, ආයතන ප්‍රධානීන්ගෙන් රජය ඉල්ලා සිටී.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com