යම් කිසි පුද්ගලයකු හෝ කණ්ඩායමක් ඡන්ද කොල්ලකෑමක් සිදු කළොත් වෙඩි තබා ඝාතනය කිරීම දක්වා බලය පාවිච්චි කිරීමට පොලිසියට බලතල ලබා දී තිබෙන බව පොලිස් මාධ්‍යප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර පවසනවා. මැතිවරණ ආඥා පනතේ 93 සහ 96 වගන්තිවලින් එම බලය ලබා දී ඇති අතර එම පනතේ 92 (4) උප වගන්තියේ සීමා කිරීම්වලට යටත්ව සෑම පොලිස් නිලධාරියකුටම එම බලතල පැවරී ඇති බවයි ඔහු වැඩි දුරටත් පැවසුවේ.
ලබන 10 වැනි දා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසීමේ රාජකාරි සඳහා සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම ගිනි අවි සහිත පොලිස් නිලධාරීන් දෙදෙනකු බැගින් යොදවා තිබෙනවා.
එහිදී යම් ඡන්ද දායකයකු සතු ඡන්ද පත්‍රිකාවක් පැහැර ගැනීම කොල්ලකෑම හෝ ඒ හා සමාන බරපතළ ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවුවහොත් ඒ අවස්ථාවේදී පොලිසියට ඉහත බලය පාවිච්චි කිරීමට අවසරය හිමිවනවා.