master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ලසන්ත ඝාතනයට හිටපු පොලිස්‌ ලොක්‌කෙක්‌ දැලේ


2018-02-02 10:19:53 -  198 යි

සන්ඩේ ලීඩර් ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එවකට ගල්කිස්‌ස පොලිසියේ අපරාධ අංශයේ ස්‌ථානාධිපතිවරයාව සිටි තිස්‌ස සුගතපාල මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (01 දා) අත්අඩංගුවට ගෙන ඇත.

ලසන්ත ඝාතන සිද්ධියට අදාළ රහසිගත තොරතුරු රැසක්‌ වසන් කිරීම, සාක්‍ෂි විනාශ කිරීම, විමර්ශන නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොකිරීම ඇතුළු චෝදනා රැසක්‌ සැකකාර හිටපු පොලිස්‌ පරීක්‍ෂකවරයා වෙත එල්ල වී ඇති බව පොලිස්‌ මූලස්‌ථානය පවසයි. 

සැකකාර තිස්‌ස සුගතපාල මහතා පැය 48 ක්‌ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් අවසර ලබාගෙන ඇත. පොලිස්‌ පරීක්‍ෂක තිස්‌ස සුගතපාල මහතා අවස්‌ථා කිහිපයකදීම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණද ඒ මහතා එහි පෙනී සිටියේ නැත. ඒ අනුව විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ ඊයේ (01 දා) ඒ මහතාගේ නිවස වටලා ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. 

2009 වර්ෂයේ ජනවාරි 08 වැනිදා ලසන්ත වික්‍රමතුංග මහතා සිය මෝටර් රථයෙන් යමින් සිටියදී ගල්කිස්‌ස අත්තිඩිය මලගල කනිෂ්ට විද්‍යාලය ඉදිරිපිටදී නාඳුනන සන්නද්ධ කණ්‌ඩායමක්‌ විසින් ඔහු ඝාතනය කර තිබිණි. 

එවකට තිස්‌ස සුගතපාල මහතා අපරාධ අංශයේ ස්‌ථානාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේය. 2009 වර්ෂයේ ජනවාරි 16 වැනිදා සැකකාර පොලිස්‌ පරීක්‍ෂකවරයා ලසන්ත ඝාතන සිද්ධියට අදාළ සාක්‍ෂි රැසක්‌ විනාශ කර දැමූ බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන තිබිණි.

තිස්‌ස සුගතපාල මහතා මේ වන විට වෙනත් සිද්ධියක්‌ සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්‌ව ඇත.
 
හේමන්ත රන්දුණු

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com