master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

නේවි සම්පත් අල්ලන්න මහජන සහය පතයි


2018-01-31 22:52:27 -  970 යි

පුද්ගලයන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් නීති විරෝධී ලෙස රඳවා තබා ගෙන ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා. ඒ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය මගින්.

පොලීසිය පැවසුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශන සිදු කර ගෙන යන බවයි. ඒ අනුව නේවි සම්පත් නැමැත්තා අත්අඩංගුවට ගැනීමට මහජන සහය ඉල්ලා සිටින බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ. 

හෙට්ටි ආරච්චි මුදියන්සේලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි, 54/1 වැල්ලවත්ත වැල්ලම්පිටිය. ඔහුගේ සම්පූර්ණ නම සහ ලිපිනය වනවා.

ඔහු සම්බන්ධයෙන් තොරතුරක් වේනම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 011-2422176 011-2320141 011-2320142 011-2320143, 011-2320144, 011-2320145ට හෝ සමූහ මංකොල්ල අංශයේ 011-2393621 අංකයට දැනුම් දෙන්න.


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com