master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

බීමතින් ඇතිවූ ආරවුල දුරදිග ගිහින් දෙදරු පියා මරා දමලා


2018-01-30 08:17:21 -  326 යි

මින්නේරිය, රොටවැව පුරාණ රත්මලේ ප්‍රදේශයේදී 65 හැවිරිදි දෙදරු පියකු කිසියම් පිරිසක් විසින් කළ පහරදීමක් හේතුවෙන් ඝාතනයට ලක්වී ඇත.
මියගොස් ඇත්තේ මින්නේරිය, රොටවැව, රත්මලේ පදිංචි එච්.එම්. දසනායක (65) යන අයයි.

මේ පුද්ගල ඝාතනය ඊයේ (29දා) අලුයම හෝ පෙරේදා (28දා) රාත්‍රියේ සිදු කරන්නට ඇතැයි පොලිසිය සැක කරයි. ඝාතනයට ලක්වූ පුද්ගලයා ඇතුළු තිදෙනකු පෙර දින රාත්‍රියේ බීමත්ව ආරවුලක් ඇති කරගෙන තිබෙන බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ.

අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

පොළොන්නරුව ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි විජේසේන මහතාගේ උපදෙස් පරිදි හබරණ ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරි අබයරාජ ගම්ලත් මහතාගේ මෙහෙයවීමෙන් මින්නේරිය පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සමන් බණ්ඩාර මහතා ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් පරීක්‍ෂණ සිදු කරති.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com