master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

හෙට තරගයට බංග්ලාදේශය 'බලාපොරොත්තුවේ ක්‍රීඩකයා' කැඳවයි


2018-01-30 08:03:02 -  380 යි

ශ‍්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය සඳහා වමත් දඟ පන්දු යවන ක‍්‍රීඩක අබ්දුල් රසාක් කැඳවීමට බංග්ලාදේශය තීරණය කර තිබෙනවා.

ඔහු මෙලෙස බංග්ලාදේශ සංචිතයට එක්වන්නේ වසර 04කට පසුව වීමද විශේෂත්වයක්.

තරගාවලියට නම් කළ බංග්ලාදේශ සංචිතයට පළමුව රසාක් ඇතුළත්ව සිටියේ නැහැ. 35 හැවිරිදි ඔහු කණ්ඩායමට කැඳවා ඇත්තේ ආබාධයට ලක්වූ ටෙස්ට් නායක සකීබ් අල් හසන් වෙනුවටයි.

බංග්ලාදේශය වෙනුවෙන් පළමු පෙළ කඩුලූ 500ක් බිඳ හෙළු පළමු පන්දුයවන්නා වන්නේ ද අබ්දුල් රසාක්. 

ශ‍්‍රී ලංකා - බංග්ලාදේශ පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය හෙට (31) චිතගොන්හි දී ආරම්භවීමට නියමිතයි. තරගාවලියට තරග 02ක් ඇතුළත්. 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com