master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

වව්නියාවේ පාසල් දැරිය දූෂණය කර ගෙල සිරකර මරලා


2018-01-30 07:55:04 -  577 යි

වසර දෙකකට පෙර සිය දිවි හානිකර ගත් බවට තීන්දු වූ වව්නියාවේ පාසල් දැරියකගේ මරණය සත්‍ය ලෙසම සියදිවි හානිකර ගැනීමක් නොවන බව අනාවරණය වී තිබෙනවා.

ඒ අධිකරණ නියෝගයක් අනුව සිරුර ගොඩ ගෙන සිදු කෙරුණු වෛද්‍ය පරීක්ෂණයකදීයි. මෙම දැරිය මියගොස් ඇත්තේදූෂණය කර ගෙල සිර කිරීමෙන් බව වෛද්‍ය පරීක්ෂණයෙන් වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සැකපිට වයස අවුරුදු 20ක පමණ තරුණයෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන සිටින බවයි ඊතලය නිවුස් වවුනියාව වාර්තාකරු පවසන්නේ. මිය ගිය දැරිය ඒ වනවිට 13වන වියේ පසුවුණා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com