www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

76 හැවිරිදි මව දූෂණය කර මරා දැමීමේ සිද්ධියට පුතු ඇයගේම පුතා මාට්ටු


2018-01-26 08:22:33 -  892 යි

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ එස්‌. පී. ආරියරත්න - රත්මලාන
 
 වැල්ලවත්තේ 76 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක දූෂණය කර හුස්‌ම සිරකර මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ඇගේ පුත්‍රයකු (03 වැනිදා) අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය පවසයි.
 
 53 හැවිරිදි සැකකරු බීමත්ව පැමිණ මෙම අපරාධය කරන්නට ඇතැයි සැකකරන බවද ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියකු "ඊතලය" ට පැවසීය.
 
 මෙලෙස ඝාතනයට ලක්‌ව තිබුණේ වැල්ලවත්ත, පාමංකඩ, හැව්ලොක්‌ පාරේ පදිංචිව සිටි වයෝවෘද්ධ කාන්තාවකි.
 
 මෙම මියගිය කාන්තාවගේ මරණ පරීක්‍ෂණය සිදුකිරීමට කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ හදිසි මරණ පරීක්‍ෂක විපුල නරසිංහ මහතා ඇය මැරී වැටී සිටි ස්‌ථානයට ගිය අතර, එය නිරීක්‍ෂණය කිරීමේ දී ශරීරයේ සැක සහිත තුවාල දැක ගැනීමට ලැබුණු නිසා එම මරණයට අදාළ මූලික මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය සිදුකිරීමට මහෙස්‌ත්‍රාත්වරයා වෙත යොමු කරනු ලැබීය.
 
 ඒ අනුව කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල් මෘත ශරීරාගාරයේදී නුගේගොඩ වැඩබලන මහෙස්‌ත්‍රාත්වරයා විසින් මූලික මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය සිදු කරනු ලැබීය.
 
 මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වන ලෙස කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට වැඩ බලන මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කළ අතර, එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කොට ඇත.
 
 ඒ අනුව මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය කළුබෝවිල දකුණු කොළඹ ශීක්‍ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී පී. බී. දසනායක මහතාගේ අධීක්‍ෂණය යටතේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී ප්‍රසාදිනී සෙනරත් මහත්මිය විසින් සිදු කරනු ලැබුවාය.
 
 ඒ අනුව ඇය දූෂණයට ලක්‌කර හුස්‌ම සිර කිරීමෙන් කළ මනුෂ්‍ය ඝාතනයක්‌ බවට පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී වැඩිදුරටත් අනාවරණය විය.
 
 සැකකරු වන ඝාතනයට ලක්‌ වූ කාන්තාවගේ පුත්‍රයා මෙම ඝාතනය කළ බවට පාපොච්චාරණයක්‌ කළද, මෙම ඝාතනය පිටුපස තවත් අය ඇත්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනය කරන බවද පොලිසිය පවසයි.
 
 සැකකාර පුත්‍රයා ඩී. එන්. ඒ. පරීක්‍ෂණයක්‌ සඳහා කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට රැගෙන ගිය බව පොලිසිය කියයි.
 
 මේ පිළිබඳව වැල්ලවත්ත පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක කපිල විඡේමාන්න මහතාගේ උපදෙස්‌ මත අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති උපපොලිස්‌ පරීක්‍ෂක හිරන්ත මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ කරති.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com