master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

හපුගොඩ අයියයි නංගියි ගෙළ කපා ගෙදරදී මරා දමපු හැටි


2018-01-22 11:29:06 -  712 යි

p6 1- ඇස්‌ පෙනීම දුරුවල කාන්තාව කාමරයකට දමා දොර වහලාලු

- ඝාතන ගැන 20 දෙනකුගෙන් ප්‍රශ්න කෙරේ

පෝද්දල හපුගල ප්‍රදේශයේ ද්විත්ව ඝාතනය සම්බනධයෙන් මේ වන විට පුද්ගලයන් විසිදෙනකුට ආසන්න පිරිසකගෙන් ප්‍රශ්නකොට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බැව් පෝද්දල පොලිසිය පවසයි.

p6 2මෙකී ඝාතන සම්බන්ධයෙන් පැති කිහිපයකින් පරීක්‍ෂණ ආරම්භකොට ඇති බවද ඝාතනය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක්‌ අනාවරණය කරගෙන ඇති බවද පොලිසිය කියයි.

ඉකුත් 19 වැනිදා රාත්‍රි ගෙවත්තේදී හා නිවස තුළදී ඉතා අමානුෂික ලෙස ගෙල කපා ඝාතනයට කොට තිබුණේ ගාල්ල හපුගල අක්‌කර පහ මවුන්ට්‌පර්සන්ට්‌ වත්තේ පදිංචි ජයනාම ජාගොඩ (72) හා මාලනී ජාගොඩ (70) නමැති අයියා නගෝ දෙදෙනෙකි. මොවුන් පදිංචිව සිට ඇත්තේ කුරුඳු හා තේ පොල් වගාවෙන් යුත් අක්‌කර පහක වපසරියකින් යුත් විශාල ඉඩමකය. එම ඉඩමේ මැදට වන්නට නිවස පිහිටා තිබේ. නිවසේ සිට ඇත්තේ ඝාතනයට ලක්‌වූ දෙදෙනා හා වයස අවුරුදු 90 ක්‌ පමණ වියෑති කාන්තාවකි. මොවුහු තිදෙනාම අවිවාහකයෝය.

ඉකුත් 19 වැනි දින රාත්‍රි ජයනාම ජාගොඩ නමැත්තා නිවසේ සිට ගේට්‌ටුවට ඉබියතරු දැමීම සඳහා ගේට්‌ටුව අසලට පැමිණ තිබේ. නිවසේ සිට ගේට්‌ටුව අසලට ඒම සඳහා මීටර් 200 ක පමණ දුරක්‌ පවතින අතර මොහු ගේට්‌ටුව වසා යළි නිවසට යාමට සූදානම් වූ විටදී ගෙවත්තේ සැඟවී සිටි අයෙකු විසින් තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කොට ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත. පිටුපසින් පැමිණි අයකු විසින් මොහු අල්ලාගෙන ගෙල කපා ඇති බව පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත. ඉන්පසු නිවසට ගොස්‌ ඇති ඝාතකයින් නිවසේ සිටි වයස අවුරුදු අනූවක්‌ වියෑති කාන්තාව කාමරයකට දමා දොර වසා ඇත. එම කාන්තාව ඇස්‌පෙනීම දුර්වල තැනැත්තියකි. ඇය මෙම දෙදෙනාගේ පුංචි අම්මා කෙනෙකි. ඉන්පසු ඝාතකයින් විසින් මුලින් ඝාතනය කළ පුද්ගලයාගේ නැගණියගේද ගෙල කපා ඝාතනයට කොට තිබේ. ඇයගේ මුහුණට ද පහරදී තුවාලකොට ඇති බව පොලිසිය කියයි. ඇයගේ සිරුර නිවසේ කාමරයක්‌ අසල පේමන්ට්‌ එක මත තිබී ඇත.

ඉකුත් 20 වැනිදා මෙම වත්තේ වැඩකරන කාන්තාවක්‌ නිවසට පැමිණ තිබේ. නිවැසියන්ට කථා කළද කිසිදු ප්‍රතිචාරයක්‌ දක්‌වා නැත. නිවසේ විදුලි පහන්ද දැල්වී තිබී ඇත. පසුව ඇය මොවුන් දෙදෙනා ගෙවත්තේ හා පේමන්ට්‌ එක මත වැටී සිටිනු දැක ඒ ගැන පොලිසියට දැනුම් දීමෙන් පසු පරීක්‍ෂණ ආරම්භකොට තිබේ.

මියගිය මහානාම ජාගොඩ නමැත්තාට විවිධ ප්‍රදේශවල ඉඩකඩම් තිබෙන අතර ඔහු ඉඩම්හිමි වැවිලිකරුවෙකි. මොහු ඇතැම් ඉඩකඩම් සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන්ට එරෙහිව ඉඩම් නඩු කියන අතර ඒවා අධිකරණයේ විභාග වෙමින් පවතී. ඉඩම් ආරවුලක්‌ සම්බන්ධයෙන් මෙම ද්විත්ව ඝාතනය වී ඇති බවට පොලිසිය සැකකරයි. ඝාතකයින් අල්ලා ගැනීම සඳහා පොලිසිය විසින් විශේෂ මෙහෙයුමක්‌ ද ආරම්භ කොට ඇත. මියගිය දෙදෙනාගේ මළ සිරුරු පශ්චාත් මරණ පරීක්‍ෂණ සඳහා ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලට රැගෙන යනු ලැබීය.

මෙකී ඝාතනය සම්බන්ධව පෝද්දල පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක නාලක මහතාගේ මෙහෙයවීම යටතේ පරීක්‍ෂණ පැවැත්වෙයි.

දෙදෙනා මියගොස්‌ ඇත්තේ ගෙල ප්‍රදේශයට වූ කැපුම් තුවාල නිසා  - පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී හෙළිවෙයි 


හපුගල ප්‍රදේශයේදී ඝාතනය කරනු ලැබූ අයිය නගෝ දෙදෙනා මියගොස්‌ ඇත්තේ ඒ දෙදෙනාගේ ගෙල ප්‍රදේශයට වූ බරපතළ කැපුම් තුවාල හේතුවෙන් බැව් පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණය වී ඇත.

ඝාතනය කරනු ලැබූ පිරිමි පුද්ගලයාගේ ගෙලෙහි මරණීය කැපුම් තුවාල දෙකක්‌ පමණ තිබී ඇති අතර කාන්තාවගේ ගෙලෙහි කැපුම් තුවාල හතරක්‌ පමණ තිබී ඇති බව පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණය වී තිබේ. මන්නයක්‌ වැනි ඉතා තියුණු ආයුධයකින් මෙම අයිය නගෝ දෙදෙනාගේ ගෙල පෙදෙසට පමණක්‌ පහරදී ඇති බව පශ්චාත් මරණ පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ. ඝාතනය කරනු ලැබූ දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රොහාන් රුවන්පුර මහතා සහ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි ඩබ්ලිව්. කේ. චිත්‍රාණි මහත්මිය විසින් සිදුකරනු ලැබීය.

මෙම අයිය නගෝවරු දෙදෙනා ඝාතනය කිරීම සඳහා යොදාගත් බවට සැකකරන මන්නා පිහිදෙකක්‌ නිවසේ කරාමය සහිත අත් සෝදන බේසම තුළ (සින්ක්‌) තිබියදී පොලිසිය මගින් සොයාගෙන ඇත. පොලිසිය විසින් මෙකී ද්විත්ව ඝාතන සම්බන්ධයෙන් පැති හතරක්‌ ඔස්‌සේ පරීක්‍ෂණ ආරම්භ කොට ඇත. පොලිස්‌ නිල සුනඛයින් යොදාගෙනද පොලිසිය විසින් පරීක්‍ෂණ ආරම්භකොට තිබේ. පොලිස්‌ නිල සුනඛයින් නිවාස තුනකට ඉව අල්ලමින් ගොස්‌ ඇති අතර ඒ ඔස්‌සේ පොලිසිය විසින් පරීක්‍ෂණ ආරම්භකොට ඇත.

මියගිය පිරිමි පුද්ගලයා විශාල ඉඩකඩම් ප්‍රමාණයකට හිමිකම් කියන පුද්ගලයෙකි. ඔහු අවිවාහකයකු වන අතර මොහු සතු ඉඩකඩම් ඇතුළු දේපළ අත්පත් කර ගැනීම සඳහා මෙම ද්විත්ව ඝාතනය සිදුකළාද යන්න පිළිබඳවද පොලිසිය විසින් පරීක්‍ෂණ ආරම්භ කොට ඇත.

ලලිත් චාමින්ද සහ එස්‌. කේ. කළුආරච්චි ගාල්ල, පෝද්දල විශේෂ - කේ. යූ. ජී. සෝමපාල, හිනිදුම රවීන්ද්‍ර චන්ද්‍රලාල්, අක්‌මීමන - කේ. මතිලාල්
 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com