www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ශ්‍රී පාද අඩවියේ හමුවූ දකුණු පා සළකුණු (PHOTOS) (VIDEO)


2018-01-20 18:10:53 -  978 යි

ශ්‍රී පාද අඩවියට ආසන්නයේ රක‍්ෂිතයක කලූගලක් මත විශාල පා සළකුණක් මතුවී තිබෙනවා.

එම පා සළකුණ සමිබන්ධයෙන් මස්කෙළිය පොලිසිය විමර්ෂණයක් ආරම්භ කර ඇති බව සඳහන්.

මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩිමෝර් ප්‍රදේශයේ රක‍්ෂිතයක් තුල විශාල දකුණු පාදයක බවට සැලකෙන පා සළකුණක් හමුවි ඇති බව මස්කෙළිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික‍්ෂක ටිරෝන් රත්නායක පැවසුවා.

ශ්‍රී පාද රක‍්ෂිතයට ආසන්නයේ මාවුස්සාකැලේ ජලාශයට ඉහළින් වු රක‍්ෂිතයක  විශාල කලූගලක් මත අද (20) මෙම පා සළකුණ වතුකම්කරුවන් දැක එය කහවලින් සෝදා එම සළකුණට පුද සත්කාර තිබෙනවා.

මස්කෙළිය පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් eethalayanews.com කළ විමසීමක දී ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන්  තමා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කිරිමට නියමිත බවයි.

මෙහි පාද 2ක් ඇති අතර දකුණු පාදය පැහැදිළිව දිස්වන අතර වම් පාදය මැකී ගොස් ඇති බව සඳහන්.










  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com