master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අනුරාධපුර නව බස් නැවතුමේ සිටි සාමණේර හිමි නමකට 52 හැවිරිදි අයෙක් බරපතල ලිංගික අතවරයක් කරලා


2018-01-10 15:14:30 -  682 යි

අනුරාධපුර නගරයේ සිට ඉතා දුර බැහැර පිහිටි තම නිවසට යාමට බස් රථයක් එනතුරු අනුරාධපුර නව බස් නැවතුම්පොළේ රැඳී සිටි 17 හැවිරිදි සාමණේර හිමි නමකට 52 හැවිරිදි අයෙක් බරපතල ලිංගික අපයෝජනයක් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කෙරුණ අනුරාධපුර කුම්බිච්චන්කුලම ජාතික නිවාස අංක 364 ලිපිනයේ පදිංචි බටුවිට හේවගේ විමලරත්න නැමැති අය ලබන ජනවාරි 16 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසාවිනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා අද (10) නියෝග කළේය.

අතවරයට පත් සාමණේර හිමිනම සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිළධාරිවරයාගේ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට තවදුරටත් නියෝග කර තිබේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com