master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කළුතර පාසල් සිසුන් ළඟ වැල ෆිල්ම් තියෙන සෙල්පෝන්


2018-01-10 07:50:35 -  799 යි

විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ 
 
 කළුතර දිස්‌තික්‌කයේ පාසල් සිසුන් අත අසභ්‍ය දර්ශන සහිත ජංගම දුරකථන තිබී සොයාගෙන ඇති බව පාසල් කීපයකින්ම වාර්තා වී තිබේ.
 
 පාසල් පංති කාමර තුළ හදිසියේ කළ සෝදිසි මෙහෙයුම්වලදී ගුරු මහත්ම මහත්මීන් විසින් ඒවා සොයා ගෙන ඇත. මේ තුළින් ශිෂ්‍ය ප්‍රජාවට සිදු වන හානිය පිළිබඳව ඔවුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන පොලිස්‌ ළමා හා කාන්තා කාර්යාංශය මගින් දැන් ආරම්භ කොට තිබේ. මීට අමතරව දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන්ද ආරම්භ කර ඇත. කළුතර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න, ළමා හා කාන්තා කාර්යාංශ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂිකා මල්කා තුෂාරි යන මහත්ම මහත්මීන්ගේ මෙහෙයවීම යටතේ මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com