master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ගිලන් රථයේ සිටි පුද්ගලයාට කැත්තකින් කෙටුව හැටි මෙන්න


2018-01-10 07:24:25 -  435 යි

ගාල්ල - ලලිත් චාමින්ද සහ එස්‌. කේ. කළුආරච්චි, නියාගම - විල්සන් විඡේසිංහ, බෝගහගොඩ - ඒ. ඩබ්ලිව්. ඒ. නිමල්
 
 ගිලන් රථයකට පහරදී අලාභ හානිකොට එහි සිටි අයකුට කැත්තකින් පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධියට සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය පවසයි.
 
 ඇත්කඳුර ප්‍රදේශයේදී මෙම සිද්ධිය වී ඇත. ගැබිනි මවක්‌ රැගෙන යැම සඳහා මෙකී ගිලන් රථය පැමිණ ඇත. අතරමගදී එම ගිලන් රථයට මෙකී ගැබිනි මවගේ සහෝදරයකු ද ගොඩවී තිබේ. එසේ යමින් සිටියදී ගිලන් රථයට ගොඩවූ අයකු විසන් මෙකී ගැබිනි මවගේ සහෝදරයාට කැත්තකින් පහරදී තුවාල කොට ගිලන් රථයට ද පහරදී ඇති බැව් පොලිසිය කියයි.
 
 තුවාලකරු බළපිටිය රෝහලට ඇතුළත්කොට තිබේ. එකම පවුලේ අය අතර පවතින ආරවුලක්‌ හේතුවෙන් මෙම ප්‍රහාරය එල්ලකොට ඇති බව පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.
 
 ඇල්පිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්‌ථානාධිපති වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ පරීක්‍ෂණ පැවැත්වෙයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com