master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

වටිනාකම කෝටියකට වැඩියි; චීනාගේ රත්හඳුන් 'ගේම' පත්තු වෙයි


2018-01-10 07:18:34 -  507 යි

රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් රත් හඳුන් දැව තොගයක්‌ ලොරි රථයකින් ප්‍රවාහන කරමින් සිටි චීන ජාතිකයකු පෙරේදා (08 වැනිදා) රාත්‍රි අත්අඩංගුවට ගත් බව බොරලැස්‌ගමුව පොලිසිය පවසයි.

  සැකකරු බොරලැස්‌ගමුව, අබේරත්න මාවතේදී කොටු කර ගෙන තිබේ. අදාළ ලොරි රථය පරීක්‌ෂාවට ලක්‌ කිරීමේදී එම ලොරි රථයේ රත් හඳුන් දැව කඳන් 30 ක්‌ තිබූ බවද පොලිසිය කියයි.
 
 22 හැවිරිදි චීන ජාතිකයා මිනුවන්ගොඩ ප්‍රදේශයේ තාවකාලිකව නවාතැන් ගෙන සිටින අයෙකි.
 
 සැකකරු අදාළ රත් හඳුන් දැව තොගය හොරණ ප්‍රදේශයේ සිට රැගෙන එමින් සිටියදී කොටු කර ගත් බව පොලිසිය කියයි. අදාළ රත් හඳුන් තොගය තමන් චීනයට යෑවීමට සූදානමින් රැගෙන ආ බව සැකකරු පොලිසියට ප්‍රකාශ කර තිබේ.
 
 අදාළ රත් හඳුන් ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ආ ඒවා බව හෙළිවිණැයිද පොලිසිය කියයි. සැකකාර චීන ජාතිකයා නුගේගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
 
 බස්‌නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්‌පති වසන්ත වික්‍රමසිංහ, නුගේගොඩ කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි ප්‍රසාද් රණසිංහ යන මහත්වරුන්ගේ අධීක්‌ෂණය යටතේ බොරලැස්‌ගමුව පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක ප්‍රියංක සිල්වා මහතාගේ උපදෙස්‌ මත අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‌ෂක ඒ. ඩී. වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන අමරසිංහ (68832), රාජපක්‌ෂ (79995), බණ්‌ඩාර (74137), බුද්ධික (80112), කාංචන (85910) යන නිලධාරීහු මෙම වැටලීම සඳහා සහභාගි වූහ. 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com