master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කටානේ මැඩම්ගේ බූරුපොළ වලානෙන් පැන්න හැටි මෙන්න


2018-01-09 08:15:55 -  608 යි

කොච්චිකඩේ කටාන ප්‍රදේශයේදී කාන්තාවක්‌ විසින් පවත්වාගෙන ගිය බූරු පොළක්‌ 06 වැනිදා රාත්‍රි වටලා ඇති වලාන දූෂණ මර්දන අංශය එම බූරු පොළ පවත්වාගෙන ගිය කාන්තාව සහ එහි සිටි සැකකරුවන් 13 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. 

බූරු පොළේ තිබූ රුපියල් 50,500 ක මුදලක්‌ සහ සැකකරුවන් සන්තකයේ තිබූ රුපියල් 56,000 ක මුදලක්‌ ද අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත්වූවන් කොච්චිකඩේ කටාන, මීගමුව ඇතුළු අවට ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර එම සැකකරුවන් 13 දෙනාව සහ සැකකාරියව ඇතුළු අත්අඩංගුවට ගත් මුදල් වැඩිදුර විමර්ශන සඳහා කොච්චිකඩේ පොලිසියට බාරදුන් බව වලාන දූෂණ මර්දන අංශය පවසයි. වලාන දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස්‌ අධිකාරි හේමාල් ප්‍රශාන්ත, එම ඒකකයේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක රංජිත් (82030) විමලරත්න (75056) විඡේවර්ධන (29904) යන නිලධාරීහු ඇතුළු කණ්‌ඩායමක්‌ එම වැටලීම සිදු කර තිබිණි.

මිනුවන්ගොඩ - ටෝනි කරුණානායක

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com