master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

යාපනයේ පලෙයි පොලිස් ස්ථානයට නුදුරින් සිටි පුද්ගලයෙකුට වෙඩි තබයි.


2018-01-09 07:32:46 -  445 යි

යාපනයේ පලෙයි පොලිස් ස්ථානයට නුදුරින් පිහිටි මාර්ගයකදී ඊයේ (08) රාත්‍රි 8.30 ට පමණ පුද්ගලයෙකුට වෙඩි තබා තිබෙනවා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වුණේ.

වෙඩි ප්‍රහාරය ඔහුගේ ගෙල ප්‍රදේශයට එල්ල වී ඇති බැවින් සිද්ධිය සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් ලබා ගත නොහැකි බවද වාර්තා වෙනවා.

මෙලෙස තුවාල ලැබූ පුද්ගලයා සිවනාදමූර්ති සුරේන්ද්‍රන් නැමති 37 හැවිරිදි පුද්ගලයෙකු බවත් ඔහු උතුරේ සහන සේවා ආයතනයක කාලයක් සේවය කල පුද්ගලයෙකු බවත් දැනට හෙළි වී ඇති කරුණුයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com