master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ආයුර්වේද සම්බාහන මධ්‍යස්‌ථානයකින් ගණිකාවෝ එළියට පනිති


2018-01-08 10:30:47 -  564 යි

රත්මලාන, අත්තිඩිය හා ගල්කිස්‌ස ප්‍රදේශවල දෙමහල් නිවාස දෙකක කාලයක්‌ තිස්‌සේ පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්‌ථාන දෙකක්‌ වටලා කාන්තාවන් සිවුදෙනකු සමඟ කළමනාකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව ගල්කිස්‌ස කොට්‌ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකය කියයි.

රත්මලාන හා අත්තිඩිය ප්‍රදේශවල ආයුර්වේද සම්බාහන මධ්‍යස්‌ථාන ලෙස පවත්මවාගෙන යන ස්‌ථාන දෙකක කාන්තාවන් මුදලට අලෙවි කරන ගණිකා මධ්‍යස්‌ථානයක්‌ පවත්වාගෙන යන බවට ගල්කිස්‌ස කොට්‌ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකයේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක උදයකුමාර මහතාට ලද තොරතුරකට අනුව ගල්කිස්‌ස අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක්‌ අනුව සිදුකළ වැටලීමේදී සැකකාර කාන්තාවක්‌ හා සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිස්‌ නිලධාරියෙක්‌ පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් ගල්කිස්‌ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. ගල්කිස්‌ස කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි චන්දන අතුකෝරල, සහකාර පොලිස්‌ අධිකාරි සමන් ජයසේකර මහත්වරුන්ගේ උපදෙස්‌ මත ගල්කිස්‌ස කොට්‌ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක උදය කුමාර, පොලිස්‌ පරීකAෂක ප්‍රියංකර, සැරයන් (33704) ගුරුසිංහ, කොස්‌තාපල්වරුන් වන (60945) /(70471) තෙන්නකෝන්, (68943) රාජපක්‌ෂ හා (87460) රාජපක්‌ෂ යන මහත්වරු පරීකAෂණ පවත්වති.

කැස්‌බෑව - ලෙනාඩ් ජයසේකර

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com