master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ණය ගෙවාගන්න බැරිව වයෝවෘද්ධ අඹු සැමි යුවළක්‌ ළිඳකට පැන දිවි නසාගනිති


2018-01-06 06:01:31 -  290 යි

දිනසේන රතුගමගේ
 
 යාපනයේ තෙන්මරච්චි ප්‍රදේශයේ වයෝවෘද්ධ අඹු සැමි යුවළක්‌ ළිඳකට පැන සියදිවි හානි කරගෙන සිටියදී ඔවුන්ගේ මළ සිරුරු දෙක 3 දා දහවල් ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන තිබේ.
 
 ප්‍රදේශවාසීන් පොලිසියට පවසා ඇත්තේ මේ යුවළ විසින් ලබාගත් ණය මුදලක්‌ ගෙවා ගැනීමට නොහැකිව ඔවුන් ඉතා කනස්‌සල්ලෙන් කාලය ගෙවූ බවයි.
 
 මේ දෙදෙනා ළිඳට පැන සියදිවි හානිකර ගන්නට ඇත්තේ ඔවුන් විසින් ලබාගත් ණය මුදල් ගෙවීමට නොහැකි වීම නිසා යෑයි පොලිසිය විශ්වාස කරන අතර ඒ පිළිබඳව කට උත්තර ද ලබාගෙන තිබේ.
 
 මියගිය දෙදෙනා සින්නයියා වේලායුදම් (67) හා වේලායුදම් නාගම්මා (63) වශයෙන් හඳුනාගෙන තිබේ.
 
 අඹු සැමි යුවළ 2 දා සවස්‌ කාලයේදීත් නිවසේ සිටි බව අසල්වාසීන් පොලිසියට පවසා තිබේ. 3 දා දහවල් වනතුරු ඔවුන් දක්‌නට නොලැබුණු බැවින් අසල්වාසීන් ඒ පිළිබඳව සොයා බැලූ අවස්‌ථාවේදී ඔවුන්ගේ මළ සිරුරු ඔවුන් ජීවත් වූ නිවස අසල ළිඳේ තිබෙනු දැක ඒ පිළිබඳව පළාතේ ග්‍රාම නිලධාරිවරයාට දැනුම් දී තිබේ.
 
 චාවකච්ෙච්රි පොලිසියේ නිලධාරීන් සිද්ධිය වූ ස්‌ථානයට පැමිණ පරීක්‍ෂණ පවත්වා වැඩිදුර පරීක්‍ෂණ කටයුතු සඳහා මළ සිරුරු දෙක චාවකච්ෙච්රි රෝහලට භාර දී තිබේ.
 
 චාවකච්ෙච්රි පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com