master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

උතුරේ අවතැන්වූවන් ඉඩම් ඉල්ලීමේ විරෝධතාවේ අරමුණු හෙළි වෙයි


2018-01-06 05:48:33 -  658 යි

උතුරේ සියලු ඉඩම්වල හිමිකරුවන් හිටිහැටියේ මතු වූ ද්‍රවිඩයන්ද? කොටි වෙබ් අඩවි විසින් උතුරේ අවතැන් වූවන් ලෙස හඳුන්වමින් විකාශනය කරන ඡායාරූපවලින් හොඳට ඇඳ පැළඳ සිටින ද්‍රවිඩ කාන්තාවන් දැකිය හැකිය. මේ අවතැන් වූවන් සතු ඔප්පු තිරප්පු කොහේද? රජයේ කිසිදු බලධාරියෙක්‌ ඒ ගැන විමසා නැත. අවතැන් වූවන් වෙනුවෙන් මුලතිව්හි කෙප්පිලාවු හමුදා කඳවුර ඉවත් කෙරුණි. එම හමුදා කඳවුර ඉවත් කිරීමට රුපියල් මිලියන 148 ක මුදලක්‌ හමුදාවට ගෙවනු ලැබුවේ රජයයි. එහෙත් ඒ මෙරට ජනතාවගේ බදු මුදල්ය.
 
 ප්‍රභාකරන් උතුරේ හමුදා කඳවුරු කොටි ගුවන් කඳවුරු ස්‌ථාපිත කරද්දී රාජ්‍ය නොවන සංවිධාන සහ ද්‍රවිඩ සංධානය නිහඬව සිටියේය.
 
 එහෙත් හමුදාව සිටින ස්‌ථානවලට ගොස්‌ විරෝධතා පැවැත්වීමේ ක්‍රමවේදයක්‌ දැන් දියත් වේ.
 
 රජයේ බලධාරීන්ට මේ විරෝධතාවල පසුබිම අවබෝධ නොවූවත් එය උතුරේ බෙදුම්වාදින්ගේ මීළඟ ඉලක්‌කයයි.
 
 ආර්. ප්‍රේමදාස ජනාධිපති යටතේ කොටි නායකයා හමුදා කඳවුරු 32 ක්‌ ඉවත් කරගත්තේය. A -9 මාර්ගයේ පිහිටි ප්‍රධානතම කඳවුරු ඉවත් කර ගැනීමටද ප්‍රභාකරන්ට හැකි විය. එහි ප්‍රතිඵල වූයේ මහත් විනාශකාරී තත්ත්වයකට හමුදාව මුහුණ පෑමයි.
 
 මේ අතර අම්පාර ප්‍රදේශයේ තිරුක්‌කෝවිල් වෙරළාසන්න කලාපය ඊළම් ද්‍රවිඩයන්ට අයත් බව පවසමින් තවත් විරෝධතාවයක්‌ දියත් වී තිබේ.
 
 මේ පසුබිම මැද උතුරේ හා නැගෙනහිර දියත් වන මේ විරෝධතාවල අරමුණ පැහැදිලිය.
 
 ඉරනතිව් දූපත ඉරනමඩු වැනි කොටි කේන්ද්‍රස්‌ථානවලින්ද නාවික හමුදාව ඉවත් කිරීමේ මෙහෙයුම් දියත් වී තිබේ. මේ තත්ත්වය මැද මෙ පමණ විශාල ජනසමූහයක්‌ අවතැන් වූයේ නම් කොටි සංවිධානය ඒ ගැන නිහඬව සිටියේ මන්ද?
 
 කොටි සංවිධානය වන්නියේ ක්‍රියාත්මක වෙද්දී අවතැන් නොවූවන් වන්නි මෙහෙයුමෙන් අවතැන් වූ බව පිළිගත හැකිද? පසුගිය සතියේදී හමුදාව කෙප්පිලාවුහි අක්‌කර 111 ක්‌ මුදාහරිනු ලැබීය. මේ අක්‌කර 111 ක භූමිය පවුල් 28 කට අයත් බව ප්‍රකාශ වුණි.
 
 එහෙත් එම පවුල්වලට එම ඉඩම් හිමි බවට දැක්‌වෙන ඔප්පු පරීක්‍ෂාවට ලක්‌ වූයේද?
 
 ප්‍රභාකරන් ඔප්පු තිරප්පු විශාල සංඛ්‍යාවක්‌ ගිනි තබා විනාශ කර මහවිරු පවුල් යෑයි හඳුන්වන කොටින්ට ඉඩම් බෙදාදීමට ක්‍රියා කළේය.
 
 එහෙත් එදා උතුරේ රාජ්‍ය නොවන සංවිධාන ගැන අසන්නටවත් නොලැබුණි.
 
 මේ තත්ත්වය මත අවතැන් වූවන්ගේ මේ විරෝධතා පසුබිමේ ඇත්තේ හමුදාව ඉවත් කරලීමේ උපාය මාර්ගයයි.
 
 අවි ආයුධ පුහුණුවලත් 12000 ක්‌ කොටි උතුරේ සිටින බව අප අමතක නොකළ යුතුයි. 
 
 එම වාතාවරණය මැද උතුරෙන් හමුදාව ඉවත් කිරීමටද ද්‍රවිඩ දේශපාලකයන් දැඩි උත්සාහයක යෙදී සිටී.
 
 එසේම උතුරේ කටයුතුවලට ඇමරිකානු හා බ්‍රිතාන්‍ය තානාපතිවරු සෘජුව මැදිහත් වෙමින් සිටිති. මෑතකදී මැලේසියානු අගමැතිද ඊට මැදිහත් විය. තමා උතුරට විමර්ශන කණ්‌ඩායමක්‌ එවන බව මැලේසියානු අගමැතිවරයා මෑතකදී ප්‍රකාශ කර තිබුණි.
 
 එම තත්ත්වය මැද ද්‍රවිඩ සංධාන මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් නල්ලූර් නගරයේදී පැවසුවේ යෝජිත ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථා අතුරු කමිටු වාර්තාවෙන් පෙඩරල් පාලනයටත් එහා ගිය පාලනයක්‌ දක්‌වා ඇති බවයි.
 
 එහෙත් මෙරට දේශපාලනඥයෝ ජනතාව රවටමින් පෙඩරල් පාලනයක්‌ ලබා නොදෙන බව ප්‍රකාශ කර ඇත.
 
 මේ අතර කොටි පාලනය යටතේ පිහිටි ඉරනතිව් දූපත්වලින් නාවික හමුදාව ඉවත් කරන ලෙසද අවතැන් වූවන් යෑයි පවසන පිරිසක්‌ ඉල්ලා ඇත. 
 
 මේ දූපත්වල පදිංචිව සිටියේ 45 ක පිරිසකි. දූපතක ඇති එක්‌ ළිඳක ජලය පවා පානය කළ නොහැකිය. එහෙත් 2500 ක පිරිසක්‌ අවතැන් වූ බව දක්‌වමින් ඉරනතිව් දූපත්වලින් ඉවත් වන ලෙස නාවික හමුදාවෙන් ඉල්ලා ඇත.
 
 ලයන් එයාර් ගුවන් යානාවට මිසයිල ප්‍රහාර එල්ල කර මගින් 55 ක්‌ මරුමුවට පත් කළ කොටි මිසයිල ඒකකය ස්‌ථාපිත කර තිබුණේ ඉරනතිව් දූපතකය. මේ ආරක්‍ෂක උපාය මාර්ගික කේන්ද්‍රස්‌ථානයෙන් නාවික හමුදාව ඉවත් කිරීමට උත්සාහ කිරීම කොටි හිතවාදීන්ගේ රහසිගත වැඩ පිළිවෙලේ එක්‌ අංගයකි.
 
 එහෙත් මෙරට දේශපාලන යාන්ත්‍රණය අන්ධයන් ලෙස ක්‍රියා කරන බව තහවුරු වී ඇත.
 
 කීර්ති වර්ණකුලසූරිය

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com