master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සුවසැරිය දෙවන අදියරට තවත් ගිලන් රිය 209 ක්: පුහු විරෝධතා අවලංගුයි


2018-01-03 14:31:55 -  591 යි

ඉන්දු - ශ්‍රී ලංකා මිතු දම වඩාත් ශක්තිමත් කරමින් පසුගිය වසරේ මෙරටට පිරිනැමුණු 1990 සුවසැරිය හදිසි ගිලන් රථ සේවාවේ දෙවන අදියර යටතේ ගිලන් රථ 209 ක් ලබාගැනීමේ එකඟතා ගිවිසුමට අත්සන් තැබීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) දින අරලියගහ මන්දිරයේදී සිදු කිරීමට නියමිතය. 

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාත්, ඉන්දියාව නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ශ්‍රී තරංජිත් සිං සංධු (H.E.  Taranjit Singh Sandhu) මහතා ද අත්සන් තබනු ඇත. 

අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සංකල්පයකට අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස 1990 සුවසැරිය හදිසි ගිලන් රථ සේවාව 2016 වසරේදී මෙරටට හිමි විය.  
 
මුල් අදියර යටතේ ලබා ගන්නා ලද ගිලන් රථ 88 බස්නාහිර සහ දකුණු පළාත් සඳහා යොදවා තිබිණි. දෙවන අදියර යටතේ ලබා ගන්නා ගිලන් රථ 209 රටේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සේවය සඳහා යෙදවීමට රජය සැලසුම් කර තිබේ. 

මෙවර එහි දෙවන අදියර යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 15 ක ප්‍රදානයක් සහිත ගිලන් රථ 209 ක් ලැබෙන අතර, ඒ අනුව මෙම සේවාව රටේ සියලුම ප්‍රදේශවලට ක්‍රියාත්මක කරන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

සුවසැරිය 1990 ගිලන් රථ සේවාව යටතේ ක්‍රියාත්මක වන ගිලන් රථ සියලූ උපකරණ හා පහසුකම්වලින් සමන්විත පුංචි රෝහලක් ලෙස හැඳින්විය හැකි බව පවසන ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එහි කටයුතු ක්‍රියාවට නැංවීම සඳහා රාජගිරිය ප්‍රදේශයේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයක් පිහිටුවා තිබෙන බවත්, දැනට ඒ යටතේ ශ්‍රී ලාංකිකයන් 550 දෙනෙක් රැකියාවල නියුතුව සිටින බවත්, පැවසීය.  

මෙය ආරම්භ කරද්දී ජොස්තර පාදෙනියගේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු රාජපක්ෂවාදීන් විසින් ඉන්දියානු භීතියක් මවමින් ගොබ්බ විරෝධයක් දැක්වූව ද පසුගිය ජාතික ව්‍යසන රාශියකදී මෙම ගිලන් රථ සේවය මහජනතාවට ඉමහත් මෙහෙයක් ඉටු කරන ලද්දේ ය. 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com