www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කුලප්පු වූ ගොනෙක්‌ මියයන තුරුම ගොපල්ලාට ඇනලා


2018-01-03 10:35:57 -  807 යි

කුලප්පු වූ ගොනෙකුගෙන් බේරීමට දිවයද්දී පය පැටලී ඇද වැටුණු හැටහැවිරිදි ගොපල්ලාට මියයන තුරුම ගොනා ඇන ඇති පුවතක්‌ පන්විල ලියන්ගල ප්‍රදේශයෙන් වාර්තා වේ.
 
 මෙසේ මියගොස්‌ ඇත්තේ සෙල්ලයියා මරදමුත්තු නමැත්තෙකි.
 
 බහුවිධ තුවාල හේතුවෙන් සිරුරේ අභ්‍යන්තර රුධිර වහනයෙන් මරණය සිදුව ඇතැයි පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී සනාථ වූ බව මඩොල්කැලේ රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ප්‍රසාද් පින්නවල මහතා පවසා ඇත. තවදුරටත් සිදුකළ පරීක්‍ෂණ හා ගොනු කළ සාක්‍ෂි සැලකිල්ලට ගනිමින් පාතදුම්බර උඩගම්මන සත් කෝරළේ හදිසි මරණ පරීක්‍ෂක නෝටන් කොස්‌තා මහතා විසින් තීරණය කොට ඇත්තේ ගොනකු ඇනීමෙන් සිදුවූ බහුවිධ තුවාල මත අභ්‍යන්තර රුධිර වහනයෙන් සිදුවූ මරණයක්‌ බවය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com