master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

" මුල්ම වතාවට මාගම්පුර වරායේ චීන කොඩිය එසවෙයි , ශ්‍රී ලංකා කොඩිය අඩි එක හමාරකින් පහලට" විරෝධය පා හිටපු වරාය සේවකයන් සිදු කළ දේ .!


2018-01-02 15:59:29 -  543 යි

හම්බන්තොට මාගම්පුර  ජාත්‍යන්තර වරාය පසුගිය පසුගිය වසරේ දෙසැම්බර්  09 වනදා  චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග් සමාගම වෙත පවරාදීමෙන් පසු ප්‍රථම වතාවට චීන ජාතික කොඩිය ඊයේ (01)පෙරවරුවේ   මාගම්පුර වාරයේ ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට ඔසවන ලදී .

මිට පෙර ශ්‍රී ලංකා ජාතික කොඩිය ඇතුළු වරාය අධිකාරියේ සංකේත කොඩි එහි ඔසවා තිබිණි.  නමුත් ශ්‍රීලංකා ජාතික කොඩිය ඔසවා තිබුනේ අනෙක් කොඩි කණු වලට වඩා අඩි එකාහාමාරක පමණ උසින් වන අතර නමුත් මිට දින දෙකකට ඉහතදී සියලු කොඩි කණු එක සමාන වනසේ ශ්‍රීලංකා ජාතික කොඩිය ඔසවා තිබු කොඩි කනුව උසින් අඩු කර තිබේ .

මේ අතර තම දරුවන් වරාය අධිකාරියට බදවා ගන්නා ලෙස ඉල්ලමින් මාගම්පුර වාරයේ හිටපු සේවකයින්ගේ දෙමා පියන් විසින් ආරම්භ කරන ලද සත්‍යග්‍රහය  ඊයේ (01) දිනට අඛණ්ඩව  42 දිනටත් පැවැත්විය . එමෙන්ම සත්‍යග්‍රහයේ නියෙලෙමින් සිටින තම දෙමාපියන්හට සහයෝගය දක්වමින් එම ස්ථානයේ රැදී සිටින මාගම්පුර වාරයේ හිටපු සේවකයින් කිරිබත් වෙනුවට කොස් තන්බාගෙන තම උදෑසන ආහාරය ගන්නා අයුරු දක්නට ලැබුණි .

හම්බන්තොට මාගම්පුර වාරයේ, මාගම්පුර වරාය කළමනාකරණ පුද්ගලික සමාගම යටතේ සේවය කල සේවකයින් 435 දෙනා හට පසුගිය වසරේ  නොවැම්බර් 30 වනදා සිට වරාය පරිශ්‍රයට ඇතුළු නොවන එම සමාගම  මගින් දන්වා තිබු අතර එදින සිට වරාය සේවකයින්ගේ සේවය අහිමි වීය .

මේ පිළිබදව අදහස් දක්වමින් රාය සේවක සංගමයේ සභාපති අයි .කේ ,උමේෂ් පවසන්නේ " මාගම්පුර වාරයේ සේවකයින් සේවයෙන් එලියට දාලා දැමීමට විරෝධය පාමින් අපේ පවුල්වල අය, දෙමාපියන් ආරම්භ කරපු සත්‍යග්‍රහය මේ වන විටත් පැවැත්වෙනවා,  හම්බන්තොට දිස්ත්‍රිකයේ කිරිබත් උයන ගෙවල් 438 ක කිරිබත් වෙනුවට අද කෑවේ කොස් තම්බලා , එලෙස සිදු වූයේ සිය රැකියාව අහිමි වූ බව නිසා" බවය.







  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com