master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ජින්ජර් අඩි 60 ක ප්‍රපාතයකට පෙරළෙයි - ජීවිතය අනූ නවයෙන් බේරෙයි - තත්ත්වය බරපතලයි


2017-12-28 13:02:54 -  491 යි

දෙනියායේ පැවැත්වෙන සංගීත ප්‍රසංගයකට සහභාගී වීමට පැමිණෙමින් සිටි ප්‍රසිද්ධ ගායිකා ජින්ජර්ගේ මෝටර් රථය අනතුරකට ලක්ව තිබේ.

මෝටර් රථය අඩි 60ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇති අතර එහි ගමන්ගත් ජින්ජර් ඇතුළු සිව් දෙනකු ඉන් තුවාල ලබා ඇති අතර ජින්ජර් දෙනියාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මූලික රෝහලට ඇතුළත් කර ඇති බව අපගේ වාර්තාකරු සඳහන් කළේය. 

රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන අතර එම අවස්ථාවේ මෝටර් රථයේ ජින්ජර් ඇතුළු ජින්ජර්ගේ හත් හැවිරිදි පුතා සහ ඇගේ ඥාති පුතකු සහ රියදුරු ගමන් කරමින් සිට ඇති බවයි වාර්තා වේ. 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com