master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

යුද්දයක් මිනිසුන්ට කළ විපතක තරම..! වසර 18 කට පසු සැමියාට බිරිඳ දරුවා හමුවෙයි: දෙගොල්ලම සිතුවේ මැරිලා කියලා


2017-12-28 08:16:45 -  438 යි

යාපනයේ වැසියෙකුගේ  අතුරුදහන් වූ  බිරිඳ හා දරුවා වසර දහ අටකට පසුව 27 දා ඕස්ට්‍රෙලියාවේදී හමුවී තිබේ.

පී. බහිදරන් නැමති මේ පුද්ගලයා  විවාහ වී වසර හතරකට පසුව එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් පිරිසක් විසින් බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් එම සංවිධානයට බඳවා ගෙන තිබේ.

අවසන් යුද සමය දක්වා ඔහු එල්.ටී.ටී.ඊ.සංවිධානය සමග කටයුතු කොට අවසන් කාලයේදී යුද හමුදාව වෙත බාර වී රජයේ පුනරුත්ථාපන වැඩ සටහන යටතේ පුනරුත්ථාපනය වීමෙන් පසුව නිදහස ලබා ඇත.

නිදහස ලද දිනයේ සිට තම බිරිඳ හා දරුවා සොයමින් බහිදරන් විවිධ පළාත්වලට ගොස් ඇතත් ඔහුට ඔවුන් දෙදෙනාව හමු වී නොමැත.

ඕස්ට්‍රෙලියානු රූපවාහිනී වැඩසටහනකදී තම බිරිඳ වැනි අයෙක් දැකීමෙන් පසුව ඔහු ඕස්ට්‍රෙලියාවේ සිටින මිතුරෙකුට තොරතුරු දැණුම් දීමෙන් පසුව ඔහු එම රූපවාහිනී නාලිකාවෙන් ලබාගත් තොරතුරු වලට අනුව බහිදරන්ගේ බිරිඳ සොයාගෙන ඇත.

බහිදරන්ගේ බිරිඳට කීප දෙනෙකුම පවසා ඇත්තේ යුදධයේදී බහිදරන් මිය ගිය බවයි.

තම සැමියා තමන්ට දුරකතනයෙන් කතා කිරීමෙන් පසුව  දෙදෙනාම හමුවීම පිණිස ගත් සෑම උත්සාහයක්ම අසාර්ථක වී තිබේ.

බහිදරන් අවස්ථා දෙකක්ම විශාල මුදලක් ගෙවා බෝට්ටුවෙන් ඕස්ට්‍රෙලියාවට යාමට උත්සාහ කොට ඇතත් ඒ අවස්ථා දෙකම අසාර්ථක වී ඇත.

අවසානයේදී බහිදරන්ගේ ඕස්ට්‍රෙලියාවේ සිටින මිතුරා අදාල රූපවාහිනී නාලිකාවට බහිදරන්ගේ බිරිඳ හා දරුවා රැගෙන ගොස් තත්ත්වය විස්තර කිරීමෙන් පසුව බහිදරන්ට ඕස්ට්‍රෙලියාවට ගොස් සිය බිරිඳ හා දරුවා දැක ගැනීමට වසර දහ අටකට පසුව අවස්ථාව උදා වී තිබේ.

බහිදරන් විවාහ වී දින කීපයකට පසුව සිය බිරිඳ  සමග ගත් ඡායාරූපයකි මේ.

දිනසේන රතුගමගේ


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com