master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සජිත්ගේ බොඩිගාඩ් ගිනිඅවි සමඟ අත්අඩංගුවට !


2017-12-19 13:36:19 -  956 යි

සංවිධානත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිළධාරින්ට ලැබුණු තොරතුරක් මත හෝමාගම පිටිපන උතුර ප්‍රදේශයේදී ගිනි අවි තුනක් සමඟ සැකකරුවෙකු අත්ඩංගුවට ගෙන තිබේ.

සැකකරු හිටපු යුදහමුදා සෙබලෙකු වන අතර මේවන විට ඔහු ඇමති සජිත් ප්‍රේමදාස මහතාගේ රියදුරෙකු ලෙස සේවය කරන බව වාර්තා වේ.

මෙසේ හමුවී ඇති එක් අවියක් පෑනක් හැඩැති බවද එක් අවියක් ඉතාලියේ නිෂ්පාදිත එකක් බවද පැවසේ.

අවි සමඟ අත්අඩංගුවට පත්ව ඇත්තේ අංක 320/02, පිටිපන උතුර, හෝමාගම ලිපිනයේ පදිංචිව සිටි මඩපාත කම්කානමගේ දොන් සුමුදු ප්‍රියදර්ශන නැමැත්තෙකි.

පාතාල නායකයකු වන ලැසී සමඟ අදාළ අය කිට්ටුවෙන් ගනුදෙනු කර ඇති බවද පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com