master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ආණ්ඩුවට යන කතාව පට්ටපල් බොරුවක්


2017-12-19 07:44:59 -  465 යි

තමන් ආණ්ඩුවට එක්වන බවට පැතිර යන කට කතා මුළුමනින්ම අසත්‍යයක් බවත් එක්සත් ජාතික පක්ෂය සමඟ කිසිදු ආකාරයකින් හවුල් වී සිටින ආණ්ඩුවකට තමා කිසිම දිනයක එක් නොවන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමලාල් ජයසේකර මහතා  පැවසීය.
නිවිතිගල ආසනයේ මධ්‍ය සංවිධානය ඊයේ (18දා) කැදවා වර්තමාන දේශපාලන තත්ත්වය ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවත් වත්මන් ආණ්ඩුවට එරෙහිව පෙනී සිටින ලෙස එහිදී ඒකමතිකව තීරණය කළ බවත් ජයසේකර මන්ත්‍රිවරයා පැවැසීය.

ඒ අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී වර්තමාන ආණ්ඩුවට එරෙහිව කටයුතු කිරීමට එම මධ්‍ය සංවිධාන රැස්වීමේදී තීරණය වූ බවත් ඒ අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීමට තීරණය කෙරුණු බවත් ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.
මේ අතර තමාට වසර 20ක සිරදඬුවමක් නියම කරන බව පවසමින් අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය ස්ථාන කිහිපයකදීම ප්‍රකාශ කර තිබෙන බවත් දේශපාලන වශයෙන් තමා දඩයම් කිරීමට දරන මෙම උත්සාහය පිළිබඳව තමා කතානායක කරු ජයසූරිය මහතාට, අන්තර් පාර්ලිමේන්තු සංගමයට සහ ස්වාධීන මැතිවරණ කොමිසම ඉදිරියේ පැමිණිලි කරන බවද ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රිවරයා ප්‍රකාශ කරයි.

තමාට අසත්‍ය චෝදනා ගොනුකොට දැනට නඩුවක් පවරා තිබෙන බවත් අධිකරණ අමාත්‍යවරිය කුමක් ප්‍රකාශ කළද තමාට ස්වාධීන අධිකරණයෙන් සාධාරණයක් ඉටුවෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රිවරයා පවසයි.

තමාට එරෙහිව යම් පැමිණිල්ලක් ඉදිරිපත් වුවහොත් ඇප මත මුදා හැර සිටින තමා මැතිවරණ සමයේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හැකි බවත් තමා එලෙස බන්ධනාගාර ගත කිරීමේ අරමුණින් යම් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ඉඩ තිබෙන නිසා තමන් ඒ ගැනද ස්වාධීන මැතිවරණ කොමිසමට දැනුම් දෙන බවද ප්‍රේමලාල් ජයසේ්කර මන්ත්‍රිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com