master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

උත්සව සමය වෙනුවෙන් මිල අඩුවෙන බඩු භාණ්ඩ මෙන්න.


2017-12-18 14:25:50 -  748 යි

උත්සව සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩු කිරීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව රුපියල් 65ක්ව පැවති සුදු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 62 දක්වා ද, රුපියල් 74ක්ව පැවති නාඩු කිලෝවක මිල රුපියල් 70 දක්වා ද අඩු කර ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

පොන්නි සම්බා කිලෝග‍්‍රෑම් එකක මිල අඩුකර ඇත්තේ රුපියල් 78 සිට රුපියල් 71 දක්වායි.

 සීනි කිලෝවක් රුපියල් 107 සිට සියය දක්වා ද, ලොකු ළුෑණු කිලෝවක් රුපියල් 152 සිට 135 දක්වා ද අඩු කර තිබෙනවා.

ග‍්‍ර‍්‍රෑම් 425 ටින් මාලූ එකක මිල රුපියල් 149 සිට 127 දක්වා අඩු කර ඇති බවයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය පැවසුවේ.

මෙම අඩු කළ මිල ගණන් යටතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව රටපුරා පිහිටි සතොස අලෙවිසැල්වලින් ලබාගත හැකි වනවා. 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com