master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

උප්පැන්න සහතිකය නැතිව හැඳුනුම්පත හදන්නේ මෙහෙමයි


2017-12-18 11:11:45 -  983 යි

උප්පැන්න සහතික නොමැති පුද්ගලයින් සඳහා ද ජාතික හැඳුනුම්පත් සකස් කිරීමේ නව වැඩපිළිවෙලක් සකසා ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.

එහි කොමසාරිස් ජනාරාල් වියානි ගුණතිලක නෙත් නිවුස් වෙත කියා සිටියේ ඊට අදාළ චක‍්‍රලේඛයක් මේ වනවිටත් ග‍්‍රාම නිලධාරීවරුන් හා ප‍්‍රාදේශීය ලේකම්වරුන් වෙත යොමු කර ඇති බවයි. 

ඒ යටතේ උප්පැන්න සහතිකය ඇතුළු මූලික ලිපි ලේඛන නොමැති පුද්ගලයින්ට ද ජාතික හැඳුනුම්පත සකසා ගැනීම සඳහා නව ආකෘති පත‍්‍රයක් හඳුන්වා දී තිබෙනවා.

උප්පැන්න සහතිකය නොමැති පුද්ගලයින්ගේ ළඟම ඥාතීන් තුන්දෙනෙකුගේ තොරතුරු එම ආකෘතියට ඇතුළත් කළ යුතුයි.

එලෙස ඇතුළත් කළ යුත්තේ දැනට ජාතික හැඳුනුම්පත් තිබෙන ඥාතීන් තුන්දෙනෙකුගේ තොරතුරුයි. එමෙන්ම ජාතික හැඳුම්පත අයදුම්කරන පුද්ගලයාගේ පදිංචිය තහවුරු කිරීම සඳහා ඔහු හෝ ඇය පදිංචි ප‍්‍රදේශයේ ජාතික හැඳුනුම්පත් සහිත පුද්ගලයින් තිදෙනෙකුගේ තොරතුරු ද නව ආකෘතියට ඇතුළත් කළ යුතු වනවා.

ඊට අමතරව උප්පැන්න සහතිකයක් නොමැතිව ජාතික හැඳුනුම්පත ලබාගැනීමට අයදුම් කරන්නාගේ දිවුරුම් ප‍්‍රකාශයක් ද ලබා ගැනීමට උපදෙස් දී ඇති බවයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ. 

එම සුදුසුකම් සම්පූර්ණ කර අදාළ ආකෘති‍්‍ර පත‍්‍රය ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරීවරයා හරහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතුයි.

එලෙස අයදුම්පත් ඉදිරිපත් කරන පුද්ගලයින් ශ‍්‍රී ලාංකිකයින් ලෙස තහවුරු කර ගැනීමෙන් පසු ඔවුන්ට ජාතික හැඳුනුම්පත් නිකුත් කරන බවයි කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ. නව ක‍්‍රමවේදය යටතේ මේ වනවිටත් අයදුම්පත් ලැබෙමින් පවතින බවද ඔහු කියා සිටියා. 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com